
(ගයාන් සූරියආරච්චි )
කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරී යෙදී සිටි නිලධාරියා නිදාගෙන සිටියදී අවදි කළ බව කියන සිද්ධියකට උරනව තවත් කොස්තාපල්වරයෙකුට පිස්තෝලයකින් වෙඩි තැබීමට තැත් කලයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප සේවක රාජකාරියේ සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරියේ යෙදී සිටි අවුරුදු විසි තුනක කොස්තාපල්වරයකි.
පැමිණිල්ලක් කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනකු අළුයම 5.40 ට පමණ කහ තුඩුවට පොලිසියට පැමිණ තිබූ අතර එහිදී උප සේවක රාජකාරියේ කටයුතු කළ කොස්තාපල්වරයා රාජකාරී පුටුවේම නිදාගෙන සිට ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කළ කොස්තාපල්වරයෙකු විසින් උප සේවක රාජකාරියේ සිටි නිලධාරියා අවදි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පසුව දුරකථන ක්‍රියාකරු ලෙස සිටි කොස්තාපල්වරයා අවශ්‍යතාවක් සඳහා තනිකඩ බට නිවාසයට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී උප සේවක ලෙස රාජකාරී කළ කොස්තාපල්වරයා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද රැගෙන පවස වචනයෙන් බැණ වදිමින් එම නිලධාරියා දෙසට ගිනි අවිය එල්ල කර ඇති බව පොලිසිය කියයි.
COMMENTS
පොර හොරු අල්ලන හීනෙක ඉන්න ඇති
පොලිසිය පොලිසියටම පාර්ට් දානවා නම් මහා ජනතාවට කොහොම පාර්ට් දානවා ඇතිද ?
යාළුවා වුනත් දැන ගන්න ඕන රාජකාරියට බාධා කිරීම වරදක් කියලා. එයා ඉඳලා තියෙන්නේ නිදා ගැනීමේ රාජකාරිය කරන ගමන්.