
(යොහාන් භාසුර)
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (10) පැවැත්විය.
එම සාකච්ඡාව ඒ, එම්. ඒ. සුමන්දිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්විණි.
එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගිවිය.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළ බවත් ආරංචි මාර්ග සදහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තගේම පුතා...!
වෙන කෙනෙක් එහෙම කතා කළා නම් මෙන්න කොටි නැගිටිනවෝ.. මේ රටට සාපයක් වෙච්චි පරම්පරාවේ කෙනා නිසා නෝ කතා කවුරුවත්...
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ,උගත් බුද්දිමත් නීතීවේදී මහතා එක්ක මොනවා කියලා සාකච්ඡා කරන්ඩද?
නාමල් ගේ වයසට වඩා දේවල් හම්බ උනාම තවත් මෝඩ පුතෙක් තමයි බිහි වන්නේ
අපේ එකම පැතුම ඔබ 3 වෙලා රනිල් 4 වෙනවට ,ඔබටත් ඒක තමයි වෙන්න ඕනේ .ගිය එවුන්ට පාඩමක් උගන්වන්න
පටන් ගත්තෙම වැරදි තැනකින්නෙ. සුමන්දිරන් ලා කොළඹ ට වෙලා සැපට හිටියට හැමදාම කළේ සිංහලයින්ට විරුද්ධව දෙමළ ජනතාව උසි ගනවපු එක. ඒ ඔවුන්ගේ පැවැත්මට.
රවුෆ් හකීම්ටත් කතාකරලා බලන්න
හොර පෙරකදෝරුවාට හොරකම්, වන්චා, දූෂණ හැරෙන්න නීතිය ගැන දන්නවා කියලාද?