
( අමදෝරු අමරජීව )
හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයක් වන මහාශිව රාත්‍රී උත්සවය ලබන 26 වෙනිදාට යෙදී ඇති බැවින් ලබන 27 වෙනිදා නැගෙනහිර පළාතේ දෙමළ (හින්දු ) පාසල් වලට පමණක් නිවාඩු ලබා දුන් බව ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පැවසීය .
දෙමළ පාසල් වලට පමණක් බල පැවැත්වෙන පරිදි නිවාඩු ලබාදී ඇති අතර සිංහල සහ මුස්ලිම් පාසල් 27 වෙනිදා සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද ආණ්ඩුකාරවරයා කීහ .27 වෙනිදා වැසෙන පාසල් වෙනුවෙන් ලබන මාර්තු පළවෙනිදා සෙනසුරාදා පාසල් පවත්වා එම දිනය හිලව් කළ යුතු බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම අනුව අධ්‍යාපනය වෙන් කරලා කරන මේ අධ්‍යාපනයේ තේරුම මොකක්ද..? ජාතිය අනුව අධ්‍යාපනය බෙදිලා... අධ්‍යාපනය යනු විෂය සම්බන්ධ හැදෑරීමක් බවත් අවබෝධ කරගැනීමට මේ රටේ පාලකයින්ට නොහැකිවීම ඛේදවාචකයක්. හැමෝම හිතාගෙන ඉන්නේ අපි තමයි කෙරුමෝ කියලා. නමුත් අවසානයේ නිසි අධ්‍යාපනයක් ලබාගෙන නැහැ. ලංකාවේ ගුරුවරු කියන්නේ, ආකල්ප අතින් නොදියුණු ගෝත්‍රිකයින්...ඉතින් කොහොමද දරුවන්ව යහමගට ගැනීමට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නේ. විභාග තරඟයට ලබාදෙන අධ්‍යාපනයෙන් මේ රටේ දරුවන් මං මුලාවෙලා. ලංකාවේ "ඉන්ටර්නැෂනල්"නමින් තියන කළුකඩ පාසල් වලින් ජනතාව ගසා කනවා. නමුත් ලංකාවේ හණමිටි විෂය නිර්දේශයට වඩා උසස් ප්‍රමිතියෙන් යුතු බ්‍රිතාන්‍ය විෂය නිර්දේශ නිසා ඉංග්‍රීසියෙන් ඔවුන් ලබන අධ්‍යාපනයේ යම් වටිනාකමක් තියනවා. මේ රටේ ටියුෂන් තහනම් කළ යුතුයි. ජාත්‍යන්තර පාසල් ගුරුවරුන්ට නිසි පුහුණුවක් ලබා දී සාධාරණ අයකිරීමක් කොට, රජය මැදිහත්ව එම පාසල් ක්‍රියාත්මක කළ යුතුයි.