IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නිසි මිලක් නැති බඩඉරිඟු සතුනට කන්න දෙයි

(දයාරත්න ඇඹෝගම)

මහවැලි එච් කලාපයේ අක්කර 2,000 ක පමණ භුමි භාගයක වගා කළ  බඩ ඉරිගු අස්වැන්න නිසි මිළකට විකුනාගත නොහැකිව කරල් සහිතව බඩ ඉරිගු ගස් කිලෝවක් රැපියල් විසිපහ බැගින් සත්ව ආහාර සදහා විකිනිමට සිදුව ඇතැයි සත්ව නිෂ්පාදන ජාතික ගොවි එකමුතුවේ සභාපති අතුල දිසානායක මහතා පවසයි.

මෙවර බඩ ඉරිගු වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබුණ ද ඒවා අලෙවි කර ගැනිමට නිසි වෙළද පොලක් හෝ නිසි මිලක් නොමැතිකම මීට හේතුවි ඇති බවද දිසානායක මහතා පැවසිය.

මහවැලි එච් කලාපයේ බඩ ඉරිගු වගාකළ තමන් ඇතුළු ගොවීන්ට අත්ව ඇති ඉරණම පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේද පැවසිය.

“බඩ ඉරිගු ඇට කිලෝවක රජයේ සහතික මිල රැපියල් 140 වුණත්,හොදින් වේලපු බඩ ඉරිගු ඇට කිලෝව රුපියල් 110ත් 120 ත් අතර මිලකට තමයි දෙන්න වේලා තියෙන්නේ.ඒ මුදලට දෙන කොට ගොවියට අතින් පාඩුයි. ඒකටත් අමතර මහන්සියක් වියදමක් දරන්න ඔනේ.

බඩ ඉරිගු ඇට හොදට වේලන්න ඔනේ.හොදට සුනාමි කරලා බෑග්වල දමාගෙන ගිහින් තමයි දෙන්න ඔනේ.

ඒ නිසා ගොවියෝ කල්පනා කළා බඩ ඉරිගු ගහම කරලුත් එක්ක ගලවලා කිලෝව රැපියල් විසිපහට සත්ව ආහාරවලට විකුනන්න. අද ඒක එක සත්ව පාලන සමාගම් ගොවිපලවල්වලට ඇවිත් බඩ ඉරිගු කරලයි, ගහයි ඔක්කෝම කිලෝව රැපියල් විසිහතරට,විසිපහට මිලදි ගෙන ලොරිවල පටවා ගෙන යනවා.

 



අදහස් (9)

නිසි මිලක් නැති බඩඉරිඟු සතුනට කන්න දෙයි

ගුණරත්න Sunday, 03 August 2025 06:33 PM

හොරා හොරා ගගා කෑ මොර දුන්නාට, විපක්ෂයේ ඉන්න කාලේ සුරංගනා කතා කිව්වාට බලය උපරිමයෙන් ලැබිලාත් වැඩක් කරගන්න බැරි නිකම්මු ටිකක් මේ ආණ්ඩුවේ ඉන්නේ. දැන් ඔය අස්වනු විකුණා ගන්න බැරි එකට ගොවියන්ට ගිය ආණ්ඩු වලට බනීවි. එච්චරයි නේ ඔවුන් දන්නේත්...!

:       9       18

ak Sunday, 03 August 2025 06:40 PM

බඩ ඉරිඟු අස්වැන්න ලබාගන්නා කාලයට බඩ ඉරිඟු imports කිරීම නැවැතීමට හෝ අවම කිරීමට කටයුතු කළයුතු වේ. සත්ව අහාර සඳහා ලබාදීමෙන් අදායමක් ලැබේ නම් එය ගොවීන්ගේ කැමැත්ත...

:       1       11

පන්සිළු Sunday, 03 August 2025 07:40 PM

අපේ රටට ආවේණික බඩ ඉරිඟු හිටවන්න ගොවීන් පුරුදු විය යුතුයි. ඒවාට බෙහෙත් පොහොර කිසිම දෙයක් ඕනෑ නෑ. ඇට ලොකු නහල්ල හීනි හරිම රස බඩඉරිඟු . මේ මැලේසියන් එකක් හඳුන්වලා දීලා තමයි විනාශයක් වෙලා තියෙන්නේ...

:       2       14

Perakum Liyanagama Monday, 04 August 2025 12:14 AM

මේ තමයි අපේ රටේ කෘෂිකර්ම බලධාරීන්ගේ කෙරුවාව. උන්ගෙ වැඩේ රට සවාරි යන එක. ගොවියගෙ ප්‍රශ්න ගැන කිසි අවධානයක් නැහැ. කොයි තරම් නම් ආයතන තියනවද. නිලධාරි කොපමනක් ඉන්නවද. ඒත් ගොවියගෙ ගැටලු ගැන බලන්න එකෙක් ඉන්නවද. මාලිමා ආණ්ඩුවවත් මේගැන අවධානය යොමු කරේ නැත්නම් අපට වෙන විකල්ප සොයන්න වෙනව.

:       1       3

maalaka Monday, 04 August 2025 05:50 AM

නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙන ගමන්, ප්‍රමිතියෙන් ඉහල නිෂ්පාදනය කරන විදි ගැනත් කියලා දෙන්න. සොයා බලන්න ඉන්දීය නිෂ්පාදනවල ඉහළ තත්ත්වය. ඔවුන් මහන්සියෙන් මේවා නිපදවනවා.

:       0       1

අරවින්ද මොණරවිල Monday, 04 August 2025 09:39 AM

බඩ ඉරිඟු මිලදී ගැනීමේ ක්‍රමවේදය අද ඊයේ හැදුව එකක් නොවෙයි, සහතික මිල පමණයි වර්ථමාන රජයෙන් තීරණය කෙරුවේ ! ඒ නිසා මේච්චර කාලයක් කරගෙන ආව විදියට කරගෙන යන්න බැරි කිහිපදෙනෙකුගේ ඇඩියාව රටට අදාල නැහැ, තමන්ගේ නිශ්පාදන කැමති කෙනෙක්ට කැමති විදිහට අලවි කරගන්න ඉඩ තියෙනවා, හැබැයි පස්සේ කෙදිරි ගාන්න එපා.......

:       3       3

පරා Monday, 04 August 2025 10:21 AM

කොහොමද අපේ කෘෂිකර්මෙ හපන්කම්…!

:       1       4

Bunny Preena Monday, 04 August 2025 02:25 PM

බොහොම හොඳ පුණ්‍ය කටයුත්තක්...

:       0       0

Perakum Liyanagama Monday, 04 August 2025 05:51 PM

ගොවි ගැටළු පිළිබඳව මාලිමාවෙනුත් බලාපොරොත්තු තියන්න බැරි හැඩයි. දැනුයි ඒගොල්ලන් අත්දැකීම් ගන්නේ. තාම බැරි වුණා ප්‍රශ්නය අඳුනා ගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site