
(යොහාන් භාසුර)
මෙරට නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය’ පසුගිය පෙබරවාරි මස 56.8 ක අගයක් වාර්තා කළ බවත් සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශනය පෙබරවාරි මස 56.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
මෙම වර්ධනය සඳහා සියලුම උපදර්ශක ධනාත්මක ලෙස දායකවී ඇති බවත් ආහාර පාන නිෂ්පාදනයේ නියුතු සියලුම සමාගම් එළඹෙන උත්සව සමය සඳහා සූදානම් වෙමින් සිටීම නව ඇන්වුම් සහ නිෂ්පාදන උප දර්ශකය ප්‍රවර්ධනය වීමට බලපෑ බවත් මහ බැංකුව කියයි.
ඉහළ යන ඉල්ලුමට මුහුණදීම සඳහා සේවා නියුක්තිය සහ තොග මිලදීගැනීම් ඉහළ ගොස් ඇති බව කියන මහ බැංකුව සැපයුම්කරුවන්ගේ කාර්යබහුලත්වය පිළිබිඹු කරමින් පෙබරවාරි මස ඇනවුම් සැපයීමේ කාලය තව දුරටත් ඉහළ ගොස් ඇති බව ද එම බැංකුව සඳහන් කරයි.
ව්‍යාපාර ක්‍රියාකාරකම් ඉහළ යෑමට බොහෝ අංශවල වූ වර්ධනය ප්‍රධාන හේතුව බවති් ණය දීම ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය වීමෙන් තොග සහ සිල්ලර වෙළෙදාම සහ අධ්‍යාපනය ආශ්‍රීත ව්‍යපාර ක්‍රියාකාරකම් ද පෙරවාරි මස වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව කියන මහ බැංකුව දේපළ වෙළෙදාම, වෘත්තීය සේවා, නවාතැන් හා ආහාරපාන සැපයීම, රක්‍ක්‍ෂණ හා අනිකුත් පෞද්ගලික සේවාවලට සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් ද ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ද සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිෂ්පාදන - සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක්