IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙයි

(නිමල කොඩිතුවක්කු)

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බැවින් රට තුළ ඉන්ධන බෙදා හැරීමේ කිසිදු ගැටලුවක් පැන නොනගිනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.

නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ යෝජනාවලියට ඇහුම්කන් දීම සඳහා  තවත් සාකච්ඡාවක් එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම නව සූත්‍රය තෙල් සංස්ථාව  ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇති බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“තෙල්  බෙදුම්කරුවන්ගේ  සංගමය පසුගිය කාළයකු තුළ ලබාගත් මුදල අනීතිකයි කියළා තහවුරු වුණා. මේ අධිකරණ  තීන්දුව තෙල් සංස්ථාව විසින් නිවැරදි මොහොතේදි  ක්‍රියාත්මක නොකිරීම නිසා  රුපියල් බිලියන 37 ක පමණ මුදලක් කොමිස් ලෙස ඒ අයට ලැබී තිබුණා. එම අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරමින්  බෙදුම්කරුවන්ට යම් කොමිස් මුදලක් ලබාදිම සඳහා තෙල් සංස්ථාන නව සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමත් සමග මෙම අර්බුදය මතුවුණා.

ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දෙනු ලැබූ සූත්‍රය ක්‍රියාත්මක කරන්නට එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. ඒ එකඟතාවය අනුව ඉදිරියට කටයුතු සිදුවෙනවා. ඒ අතර තෙල් ගැනුම්කරුවන් තමන්ට අදාළ කරුණු ප්‍රමාණයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. එම කරුණු සාකච්ඡා කිරීම සඳහා තෙල් සංස්තාව හදුන්වා දුන්  නව සූත්‍රය ක්‍රියාත්මක වෙන අතරේ බෙදුම්කරුවන්ගේ යෝජනාවලටත් ඇහුම්කන් දීම සඳහා යළිත් වතාවක් 18 වැනිදා උදෑසන සාකච්ඡාවක් යොදාගෙන තියෙනවා. ඒ නිසා තෙල් ප්‍රශ්නයක් නැහැ. බෙදුම්කරුවන් එම සූත්‍රය අනුව කටයුතු කරනවා.



අදහස් (5)

නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙයි

Mahajanathawa Tuesday, 04 March 2025 02:13 PM

තම ස්ථාවරය වෙනස් නොකිරීම ගැන රජයට ස්තුතිය පුද කරමි. එසේම වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයටද යමක් කරන්න, අපි සැවොම ඔබ සමගයි.....

:       77       50

මැක්ස් Tuesday, 04 March 2025 02:46 PM

බැරිද ඔය වගේම අර ඒ දවස්වල මයික් පලමින් කියපු කාංචනට යන සීයට ගාන නවත්තලා අපට පෙට්‍රල් ඩීසල් ටිකක් රුපියල් 150/-කට දෙන්න?

:       8       62

Kamal Koyrala Tuesday, 04 March 2025 03:03 PM

අනීතිකව ලබාගත් මුදල් දැන් රෝල් කරලා තියෙන්නේ කොහෙද?

:       2       48

සෑම් Tuesday, 04 March 2025 03:23 PM

වල් තාලෙට කැලෑ නීතියකට දුවපු රටක ක්‍රමවත්ව නීතිය ක්‍රියාත්මක කරන කොට පෙර ක්‍රමයකට අසාධාරණව හම්බ කරපු එවුන් කලබල වීම සමාන්‍යයයි. මොකද මොවුන්ට සාධාරණ ක්‍රමයකට හරි හම්බකරගෙන පුරුද්දක් නොමැති වීම නිසා. මෙවැනි සාධාරණ නීතිගරුක ක්‍රමයක් නුහුරු විපක්ෂ දේශපාලුවෝද ජාවාරම් කාරයෝ සමග එකට හිට ගනිමින් පැරැණි අසාධාරණ පාදඩ ක්‍රමයම යදිමින් ආණ්ඩු පෙරැළීමට විහිළු සහගත උත්සාහයක නිරත වෙති. ඒ නිසා මේ මාලිමා ආණ්ඩුව ප්‍රශ්ණ එකින් එක විසඳන ආකාරයට සබුද්ධි රට වැසියාගේ පුර්ණ සහාය...!!!

:       5       22

wije Tuesday, 04 March 2025 03:24 PM

මහජන ආණ්ඩුවට අපගේ සුබ පැතුම්, තක්කඩි වෙනුවෙන් නොවෙයි අසරණ මහජනයා සමඟ සිටි ආණ්ඩුවට අපගේ උපහාර

:       33       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site