IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩභාර ගනි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
සහකාර පොලිස් අධිකාරි නීතිවේදී පෙඩ්රික් උදය කුමාර වුට්ලර්  මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස අද(03)වන දා රාජකාරී ආරම්භ කළේය.
 
1968 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනි දින උපත ලබා ඇති ඒ මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස 1990 මැයි මස 24 වැනි දින පොලිස් සේවයට බැඳී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුව ලබා ඇත.
 
එංගලන්තේ බකින්ග් හැම්ශයර් විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධිය ලබාගෙන ඇති ඒ මහතා  2015 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති අතර මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකි.



අදහස් (6)

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩභාර ගනි

Vipula Friday, 04 July 2025 05:02 AM

බැලූ බැල්මට, භාෂා තුනෙන්ම සන්නිවේදනය කළ හැකි ඉතා කාර්යක්ෂම පරමාදර්ශී පොලිස් නිලධාරියෙකු ලෙස පෙනේ! කතා කිරීමට දුර්ලභ සංසිද්ධියක්. කෙසේ වෙතත්, මෙම පරමාදර්ශී පොලිස් නිලධාරියාට ඔහුගේ හැකියාවන්ට අනුකූලව උසස්වීම් ලැබී නොමැති අතර අවම වශයෙන් පොලිස් අධිකාරීවරයෙකු වීමට සුදුසු විට ඔහු ASP ලෙස පවතී! එතරම් දක්ෂ නොවන සමහර නිලධාරීන්ට මෙම දක්ෂ නිලධාරියා අතහැර දමා උසස්වීම් ලබා දී ඇති බව පෙනේ! සියල්ලට පසු, පොලිසිය පවා දේශපාලනීකරණය වී ඇති බව කියන ශ්‍රී ලංකාව වැනි රටක ඔබට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද!

:       0       3

kumara Friday, 04 July 2025 08:13 AM

මෙහෙම මනුස්සයෙක්ට ගරු කළාට කමක් නෑ. කතා කරන විදියෙන් නම් හොඳ වැදගත් බුද්ධිමත් කරුණාවන්ත මනුෂ්‍යයෙක්. හොඳ සොයා ගැනීමක්.

:       0       3

ishara gunasekara Friday, 04 July 2025 09:18 AM

සුභපැතුම් සර්

:       0       1

චන්දන සුදත් විජේරත්න Friday, 04 July 2025 03:55 PM

කුරුණෑගල ශාන්ත අනා විදුහලේ උසස් පෙළ bio science අංශයේ මා සමග ඉගෙන ගත් ඉතාමත් හොඳ ගතිගුණ තියෙන පන්ති සගයෙක්, ටික කාලයක් ඇසුරු කලත් wootler ගේ හිනහව, මිත්‍ර ශීලී බව, නිහතමානී කම මට තාම මතකයි සමහර යාලුවන් අපිව නොසලකා හරීද්දී hi මචන් කියලා සිනහ මුසු මුහුණින් කතා කල හැටි තාම මතකයි මගේ මතකයේ ඇති. අන්වෙර්, සිල්වා, දිසනායක, ගාල්ලගේ, බණ්ඩාර, දසනායක සහ ඔබ. ඉතාමත් හොඳ මිතුරන් ඔබ‍ට උණුසුම් සූබ පැතුම්

:       0       2

Asanga Saturday, 05 July 2025 10:28 AM

ටිල්වින් කියන විදියට තමා මාධ්‍ය ප්‍රකාශ කරන්න වෙන්නේ... කෙසේ වෙතත් අපේ සුබ පැතුම්..! 

:       0       1

prasanna Saturday, 05 July 2025 03:21 PM

බයෝ සයන්ස් මොනවද? පිසිකල් සයන්ස් කරපු කෙනෙක් නාගන්නවා නියම නෑමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site