
(ටී.කේ.ජී.කපිල )
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත් ( Protection of the State Terrorism ) කෙටුම්පත වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට බල කරමින් , කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවකයන් සහ වෘත්තීය සමිති එක්ව ඇවරියවත්ත නගරයේදී විරෝධතාවක් පැවැත්වුනි .
රජය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවට පවසමින් නව පනත ගෙන ඒමට සූදානමින් සිටින බව විරෝධතාකරුවෝ පැවැසූහ.
ආරක්ෂක ලේකම්වරයාට පැවරෙන බලතල , අධිකරණයේ අවසරයකින් තොරව අත් අඩංගුවට ගැනීම සහ විවිධ සංවිධාන තහනම් කිරීමට හැකි වගන්ති මෙම පනත තුළ අන්තර්ගත බව මෙම විරෝධතාකරුවෝ චෝදනා කළහ .
2027 වසරේ දී G.S.P.+ සහනය අවසන් වීමට නියමිත අතර , එම සහනය අහිමි වුවහොත් , ඇගලුම් ක්ෂේත්රයේ රැකියා 74,000 ක් අවදානට ලක් වන බව ද විරෝධතාකරුවෝ පැවසූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ඉන්න එකෙක්වත් බහුතර කම්කරු තරුණ තරුණියන් නෙවෙයි. ඉන්නේ වෙනත් පළාතකින්, ප්‍රදේශයකින් ආපු කම්කරු ජනතාව විකුණාගෙන යැපෙන පිරිසක් තමයි මෙතන ඉන්නේ.
මහජනතාව මර්දනය කරන්න පීඩාකාරී පනත් ගෙන එනවායි කියන්නේ ගෝඨාභය පලවා හැරීමේ ජනතා අරගලයේ දෙවැනි දිගහැරුමකට ආරාධනා කිරීමක්. එහෙම දෙයක් ඇති වුණොත් මමත් අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා.