
(නිමල කොඩිතුවක්කු)
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
රට තුළ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි දුෂණයට, භීෂණයට හා අවනීතියට කිසිදු ඉඩක් ලබානොදෙන සියලු ජන කොටස් එක මවකගේ දරුවන් මෙන් එකතු කරන්නට ඉඩ සලස්සන්නට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
77 වන නිදහස් දිනය නිමිත්තෙන් බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී අද(04) උදෑසන පැවති විශේෂ දේව මෙහෙය අමතමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
(ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
අනේ මන්දා මට පිස්සුද, මුට පිස්සුද කියලා !
ඒ වගේම සභාවේ ව්‍යවස්ථාවටත් වෙනස් කරන්න ඕනැ...
රටේ පවට උපන් කාලකණ්නි!
මෙන්න මේ අප්පුහාමි ගැන පරීක්ශණයක් කරන්න ඕන වෙනම. මහ මොළකරු හොය හොය තැටමුවේ ඔය ව්‍යවස්ථාව වෙනස් කර ගන්න තමයි. ඒ වෙන මොකකටවත් නෙමේ, බුද්ධ ධර්මයට ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන ප්‍රමුඛස්ථානය නැති කරන එක තමයි. සිංහලයා මෝඩයා නිසා මාලිමාවට දුන්නනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. පල්ලිය කියන විදියට වැඩේ වෙයි.
මෙයා තමයි හොඳටම කරන්නේ...
සිංහල බෞද්ධ නායකත්වයට පහර දිම තමයි එකම අරමුණ. පල්ලිට බෝම්බ ගහපු අය පැත්තකට දාල සිංහල නායකයින්ව හිරේ යවන්න හදනවා. අන්තවාදින්ට කඩේ යන එක නතර කළ යුතුයි.
ඒ සරේ මෙයා මොකාටද එන්න අදන්නේ.