(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (09) ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නොමැති නම්,පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ආරාධනා කර, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම රජයට දැනටමත් යෝජනා කර ඇත.
COMMENTS
ඉඟුරු දීලා මිරිස් ගන්න වගේ කල්පනාව...
දැන් ඉතින් කට්ටයට තියෙන්නේ මෙච්චර කලෙයක් කටින් හිටවපු බතල කොළ මුල් ඇදෙන විදිහට වැඩ කරන්න.
මරු තේරීම..!
අන්තිම සතේටත් ඔට්ටුයි, විපක්ෂයේ කිසි කෙනෙක් ඕක බාර ගන්නේ නෑ. කයිවාරු ගහනවා වගේ කරන්න බෑ කියලා දන්නා නිසා...!
ඒ කියන්නේ සටන නතර කරන්න වෙන්නේ නැති පාටයි..
මුළු රටේම හැම තැනකම කියන්නේ අගමැති විතරක් නොවෙයි, ජනාධිපතිත් ඉවත්විය යුතුයි කියලා...
ඡන්දය දීපු අපි කියනවා ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ කියලා... වෙන කිසිම දෙයක් කාටවත් ඕනෑ නැහැ.
මේ තවත් වැඩ බැරි ටාසන් කෙනෙක් පමණයි. නොකෙරෙන වෙදමට කෝඳුරු තෙල් හත්පට්ට්යකුයි, තව ටිකකුයි ඕනෑ කියනවානේ. දැන් මේ මහදැන මුත්තයි, ගෝලයින් ටිකයි කතන්දර වපුරයි. මේ වෙලාවේ රටට ඕනෑ මේ කුණාටුව මැද නැව පදවන්න ආත්ම ශක්තියක් ඇති දැක්මක් ඇති නායකයෙක්. නමුත් එහෙම කෙනෙක්...?
දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි.. අන්තරේටයි, යූ ටියුබ් කාරයින්ටයි රට බාරදීම පමණයි.
චම්පික රණවක සුදුසුයි. හොඳම නුවණ...
මේ වගේ සහනාධාර මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් අගමැතිකමට සුදුසු නෑ. තියෙන සොච්චමත් මිනිස්සුන්ට කන්න බෙදලා දෙයි. සජිත් කරන ප්‍රකාශ වලින් ඒ බව පේනවා. අගමැති තනතුර උගත්, බුද්ධිමත් කෙනෙකුට දෙන්න. හර්ෂ, චම්පික වගේ කෙනෙක් තමයි සුදුසු...
රටවිරුවෝ මුදල් එවන එක නැතිවෙලාම ගියා.
මොළහතා හොඳා කියලනේ ඒ කාලේ කිව්වේ..?
රනිල්, හැමදාම පුරුදු ඩීල් එක ආයෙත් ගහන්න. මිනිස්සුන්ගේ බඩවල් පුරවපු ඩීල් එක.. රජයේ සේවකයින්ගේ පඩි වැඩිකරපු ඩීල් එක... ගෑස්, තෙල්, පෝලිම් නැතිව මිනිස්සු ජීවත් කරවපු ඩීල් එක... නීතියේ බලයට යටින් පාලකයින් හිටවපු ඩීල් එක.. ඔප්පු කරන්න බැරි වුණත් මහ බැංකු හොරා කියද්දීත් මාධ්‍ය නිදහස ආරක්ෂා කළ ඩීල් එක...
තවමත් ජනාධිපති ගෝඨාභයද? කිසිම රජයකට උදව් කරන්න එකඟවෙන්න අවශ්‍ය නැහැ... මෙයා ගෙදර යනතුරු.
ගෙදර ගියොත් අඹු නසී... මග හිටියොත් තෝ නසී...
චිචී අගමැති කරමු... රොකට් යවන්නත් පුළුවන් එයාට.. කවදාවත් රස්සාවක් නොකරපු කෙනා නිසා හොඳටම කරයි..
අරගල කරන අය ඉල්ලන ආණ්ඩුවක් හදන්න නම් ඉල්ලා අස්වෙන්න ඕනෑ.
අද ජනතාව ඉල්ලන්නේ හිටපු සහ ඉන්න කොට්ටෝරුවන්ගේ පාලනයක් නොවේ. අද ජනතා මතය විමසා ගොඩනැගෙන ශක්තිමත් පාලනයක් රටේ අවශ්‍යතාවයයි. ජනාධිපතිවරයා සහ රජය හෝ විපක්ෂය මේ මොහොතේ ජනතා කැමැත්ත නොවේ. මේ නිසා අයිතියේ හිමිකරුවා වීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් නැත. අර්බුදයක් ගොඩනගපු අයට ඒ තුළ හිමිකමක් තිබිය නොහැකියි...