IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නවීන ජල ප්‍රහාරක රථය ගැන තොරතුරු එළියට

(ඉන්දිකා රාමනායක)

රට තුළ දැඩි මූල්‍ය අර්බුදයක් හටගෙන ඇති අවස්ථාවක විරෝධතා විසුරුවා හැරීම සඳහා විශේෂ කාර්ය බළකායට සුදු පැහැති නවීන ජල ප්‍රහාරක රථයක් ගෙන්වා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා වල ඡායාරූප සහිතව ප්‍රචාරය වේ.

මෙම රථය හම්බන්තොට වරාය ඔස්සේ  රැගෙනවිත් ඇති බවට ද සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ .

සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය විශේෂ කාර්ය බලකායේන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ .

මෙම අධි පීඩන ප්‍රහාරක රථය මෙරටට ඇනවුම් කළේ මෙරට රාජකාරිවලට නොව එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා රැගෙන යාමට බවයි.

මෙම වසර අවසානයේ දී විශේෂ කාර්ය බලකායේ 200 දෙනකු සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත බවත් , මෙම රථය ඇතුළු නවීන වාහන 60 ට අධික ප්‍රමාණයයක්ද සාමසාධක කටයුතු සඳහා රැගෙන යන බවද එම උසස් නිලධාරියා කියා සිටියේය .

මෙම නවීන ජල ප්‍රහාරක රථය ඇතුලු වාහන නිරීක්ෂණය කිරීම සඳහා ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්. ඔවුන් ඒවා පරික්ෂා කර අනුමැතිය ලබා දුන් පසු වූ භට පිරිස් සාමසාධක කටයුතු සඳහා පිටත්ව යාමට නියමිත බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.

මෙම සියලු වාහන සඳහා ගෙවීම් සිදු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බවද වාර්තා වේ .

ලංකාවෙන් රැගෙන යන මෙම සියලු වාහන සඳහා ජාතීන්ගේ සංවිධානය විසින් ගෙවීම් සිදුකරන බවත් නිලධාරියා කීය .

සාම සාධක කටයුතු සඳහා ආනයනය කළ කිසිදු වාහනයක් මෙරට භාවිතා කළ නොහැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය

 



අදහස් (6)

නවීන ජල ප්‍රහාරක රථය ගැන තොරතුරු එළියට

කිරිපුතා Sunday, 08 May 2022 09:44 AM

සත්‍යය හෙළි කිරීම ගැන ලංකාදීපයට ස්තුතියි...!

:       2       4

සෙනෙවිරත්න Sunday, 08 May 2022 11:24 AM

සාමය ස්ථාපිත කරන්න යන සාමසාධක හමුදාව, ජල ප්‍රහාරක රථ ගෙනියනවා.. මට කලන්තේ වගේ මේවා අහලා...

:       3       7

Jay Monday, 09 May 2022 11:24 AM

මහත්තයා ඒය සත්‍ය සාම හමුදා ව යන විට සියලුම ආම්පන්න රැගෙන යායුතුයි අප ශීලංකාව ඉන්න අය හරි හැටි ඉගෙනීම ද අවබෝධ තුලින් සත්‍ය අවබෝධ කරගෙන හැකිය

:       0       0

Analyst Monday, 09 May 2022 11:01 PM

UN සඳහා ඔවුන්ගේ specifications walata adala wahana ගෙන යා හැකිය. එහිදී එම වාහනයට සහ පුද්ගලයන් හට වෙන වෙනම ගෙවීම් සිදුකෙරේ.

:       0       0

Perera Sunday, 08 May 2022 01:48 PM

තනිකරම බොරුවක්... එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට රටවලට අරින්නේ හමුදා භට පිරිස් පමණයි. වාහන, අවි ආයුධ සියල්ලම එක්සත් ජාතීන්ගේ සංවිධානයයි සපයන්නේ. කාවද මේ රවට්ටන්න හදන්නේ..?

:       4       8

ANALYST Monday, 09 May 2022 11:02 PM

UN සඳහා ඔවුන්ගේ specifications walata adala wahana ගෙන යා හැකිය. එහිදී එම වාහනයට සහ පුද්ගලයන් හට වෙන වෙනම ගෙවීම් සිදුකෙරේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site