(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයකුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය කියයි.
එම වෙඩි ප්‍රහාරයෙන් ජීප් රථයට හානි සිදුවී ඇත.
2022 පෙබරවාරි මස 15 වෙනි දින මෙම නිවසේ සිටි චන්දිමා දිල්හානි පෙරේරා නමැති කාන්තාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව මතුගම පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගිනි අවි සහිතව පැය 24 තුළම එම නිවසට ආරක්ෂාව ලබා දෙන ලෙස නියෝගයක් ලබා දී තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව පොලිස් සැරයන් වරයකු ඊයේ රාත්‍රී රාජකාරී නිරතව සිටියදී මතුගම ඇතුළත් මුදලි වටරවුම දෙස සිට පැමිණි කළු පැහැති ජීප් රථයක් එම නිවස අසලදී වේගය අඩුකර ධාවනය කිරීමේදී පොලිස් සැරයන්වරයාට වෙඩි ශබ්දයක් ඇසී ඇතැයි පොලිසිය කියයි.
එහිදී නිලධාරියා ජීප් රථයෙන් නිවස දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට සැකකර ඔහු සන්තකයේ තිබූ ටි 56 ගිනි අවියෙන් පුද්ගල හා දේපළ ආරක්‍ෂාව සඳහා ජීප් රථය දෙසට හා අහසට තබා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැරයන්වරයා වෙඩි වාර පහක් පමණ තබා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජීප් රථයේ හිමිකරු මතුගම පොලිසිය වෙත පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද සිදු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි
Chinthana Wednesday, 07 May 2025 10:13 AM
පී සී ද සැරයන්ද ?
ජිල්බු Wednesday, 07 May 2025 11:06 AM
සැර wpc කෙනෙක්
වින්සන්ට් කජ්ජා Wednesday, 07 May 2025 10:16 AM
හොර මැරකම් කොතනද UNP, SLPP, SJB එතන. මතුගම පාතාල ගැටුමෙන් ඔය කාන්තාව මැරුණේ. උන්ව ඒකාලේ ඇල්ලුවේ නැත්තේ දේශපාලන බලපෑම් නිසා. පොලිස් රාලහාමිට ආචාරය.