IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නුවර බැතිමතුන්ට ජරා බනිස් කවන්න හදලා

(ෂේන් සෙනෙවිරත්න)

ඇසළ පෙරහර සමයේදී මහනුවර නගරයට පිට ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවට අලෙවි කිරීම සඳහා සූදානම් කොට තිබූ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 360 ක් විනාශ කර දැමීමට මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම ආහාර ද්‍රව්‍ය අතර පරිභෝජනයට නුසුදුසු නරක් වූ බනිස් 2000 ක් තිබූ බවත් ඒවා අලෙවි කළ වෙළදුන් 08 දෙනකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බවද නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව කියයි.

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මියගේ උපදෙස් පරිදි නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.



අදහස් (0)

නුවර බැතිමතුන්ට ජරා බනිස් කවන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site