IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


නුවරවැවේ මායිම් දැමු ආකාරය රජයේ අප්‍රසාදය

(දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)

නුවරවැවේ වැව් රක්ෂිතයේ මායිම් ගල් දැමිම සම්බන්ධයෙන් රජය විවේනයට ලක්වන ආකාරයටත් ජනතාවගේ අප්‍රසාදයටත් ලක්වන ආකාරයටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් කටයුතු කර ඇතැයි වෙළද,වාණිජ,ආහාර සුරක්ෂිත සහ සමුපකාර අමාත්‍යය වසන්ත සමරසිංහ මහතා අද අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්මිමේදි පැවසිය.

“අනුරාධපුර නුවරවැව වැව් රක්ෂිතයේ මායිම් සළකුණු කිරිම සදහා මායිම් ගල් දැමිමේදි අනවශ්‍ය ප්‍රශ්නයක් පැන නැගි තිබේනවා.මේ ප්‍රශ්නය සාමකාමිව විසදන්නේ කොහොමද යන්න පිළිබදව අපි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාකච්ජා කරමින් යන්නේ.

නුවරවැවේ පදිංචි කරුවන්ටත් අපි කියුවා මායිම් ගල් දැමිමේදි සිදුවන ගැටළු සම්බන්ධයෙන් කමිටුවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. කමිටුවෙන් අවශ්‍ය මැදිහත්විම සිදුකරයි කියලා අපි ගම්වාසින්ට කියුවා. එහෙම තියද්දි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නෝටීස් එකක් ගහලා තියෙනවා අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කරනවා කියලා.වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මේ බව මාධ්‍යටත් කියුවා. කමිටුවෙන් අවසන් තිරණයක් ගන්නකන් කිසිම ඉදිකිරිමත් කඩා ඉවත් කරන්න එපා කියලා තියෙද්දි තමයි වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මේ නෝටීස් ගහලා තියෙන්නේ.

“මායිම් ගල් දාන්න යද්දි ඉම් හිමියන්ගේ දේපලවලට අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබි තිබේනවා. කිසිදු තීරණයක් නැතිව කඩා ඉවත් කරන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නෝටීස් ගහලා.කවුද එහෙම තිරණය කළේ.කමිටු නිර්දේශයක් නැතිව.

මෙහිදි අදහස් දැක්වු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප අධ්‍යක්ෂ ඉංජිනේරැ ජයන්ත ඩී සිල්වා මහතා මේසේ පැවසිය.

“ගම්වාසින් තමන්ගේ ඉඩම මැදින් මායිම් ගල් දානවට කොහොමත් විරැද්ධයි.මෙතෙක් කිසිම ප්‍රශ්නයක් ඇතිවේලා නැහැ. වාරිමාර්ග අධ්‍යක්ෂක ජනරාල් වරයාටත් ඉවත් කිරිම සම්බන්ධයෙන් දමා තිබු නෝටීස් එක ගිහිල්ලා තිබුණා. එතකොට තමයි මමත් මේ බව දැනගත්තේ.අක්කර පනහා කියලා ඉඩමක් තියෙනවා.එම ඉඩමේ ගල්දාන කොට ප්‍රශ්නයක් ආවා.ඒක බදු ඔප්පු දිපු ඉඩමක්. ඒම ඉඩම් හිමියා පොලිසියටත් පැමිණිලි කොට තිබුණා.නුවරවැවට ආසන්නව එම ඉඩමේ ඉදිකිරිමක් තිබුණා. එහි කවුරැවත් පදිංචිව හිටියෙත් නැහැ.අපේ ඉංජිනේරුවරියක් එම ඉඩම ඉවත් කරන්න නෝටීස් එකක් ගහලා තිබුණි.ඊට පස්සේ මම එම නෝටීස් එක ඉවත් කිරිමට පියවර ගත්තා. ඒ ඇරෙන්න කිසිම චෝදනාවක් ඉදිරිපත් වුනේ නැහැ.”මේවන විට සීයයට අනුවක පමණ භුමි ප්‍රමාණයක මායිම් ගල්දමා අවසන් කොට ඇති බවත් සිල්වා මහතා පැවසිය.



අදහස් (3)

නුවරවැවේ මායිම් දැමු ආකාරය රජයේ අප්‍රසාදය

ජයරත්න Friday, 19 September 2025 09:22 PM

නම්‍යශීලී වෙන්න වගේ අදහස .එහෙම වුණොත් නිලධාරීන් අසරණයි.වැඩේට අබ සරණයි!.

:       0       0

කෞෂි Friday, 19 September 2025 09:54 PM

අර කාලෙක කෙරුව වගේ දැන් නිලධාරීන්ව ගස් බඳින්නේ නැද්ද?

:       0       0

අරවින්ද මොණරවිල Saturday, 20 September 2025 08:41 AM

වැඩේ ආපස්සට හරවන්න උත්සාහ කරන්න එපා වසන්ත සහොදරයා... වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ඒ වැඩේ හරි විදියට කරගෙන යන්න ඉඩ දෙන්න. වැව් රක්ෂිත වලින් ඉවත් කරන අයට විකල්ප ඉඩම් ලබා දෙන්න පමණක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මැදිහත් වෙන්න.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1842 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site