
(අංජුල මහික වීරරත්න)
තාවකාලිකව අත්හිටුවා තිබූ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම යළි ආරම්භ කර තිබේ.
ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ හා පීබා (PIBA) ආයතනයේ නිළධාරීන් මෙරටට පැමිණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් හා අනෙකුත් පරීක්ෂණ වලින් සුදුසුකම් ලත් පුද්ගලයින් 95 දෙනකු තෝරා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
එසේ සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගෙන් ඊශ්‍රායලය බලායාමට නියමිත ශ්‍රමිකයින් 12 දෙනකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම අද (10) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම පිරිස අප්‍රේල් මස 20 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd