
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බව ඥාතීන් පවසයි.
විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිවීම හා නවක වධයට විරුද්ධවීම හේතුවෙන් නේවාසිකාගාරයට පැමිණ මෙම පහරදීම සිදුකළ බව
(රෝහල් ගතව සිටින සිසුවා මෙසේ පැවසීය)
2025 04.29 වෙනි දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිව්වන වසරේ සහ තෙවන වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසක් මා නවක වදයට විරුද්ධව කටයුතු කිරීම සහ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්ව විද්‍යාලය තුළ සැරිසැරීම හේතුවෙන් මගේ බෝඩිමට පැමිණ පහර දීමක් සිදු කළා
සිසුන් 20ක පමණ පිරිසක් යතුරු පැදි වලින් පැමිණ හෙල්මට් වලින් මගේ හිස ප්‍රදේශයට සහ කොන්ද ප්‍රදේශයට දැඩි ලෙස පහර දුන්නා
මේ සම්බන්ධයෙන් මා හට උපරිම සාධාරණයක් කරන මෙන් මම ඉල්ලා සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් කෲර මානසික තත්ත්වයක් පාදඩ තරුණයින් වෙත පොම්ප කළ ජවිපෙය සහ පෙරෙට්ටන්ට සාප වේවා!
මේ වගේ කාලකණ්ණින්ව ජාතක කළ අයටත් හෙණ ගහනවා. මේ අය කොහොමද රටේ උගත් පිරිස කියලා කියන්නේ...? කාලකණ්ණි, මූසල හැත්ත ...
මෙව්වා තමයි එයාලා දන්නේ...!
නවක වදයේ නියලෙන ඕනෑම ශිෂ්‍යයෙකුගේ "ශිෂ්‍ය භාවය" සදාතනිකව අහිමි කළානම්, ඕක නිකන්ම නැතිවෙලා යනවා. අද වෙනකම් නවක වදයට ලක් වූ කිසිම ශිෂ්‍යයෙකුගේ ශිෂ්‍ය භාවය සදාතනිකව අහිමි කළ බවක් අහන්න ලැබුණේ නෑ.
ඔය 68 ලක්ෂේට පුදුම අමාරුවක්නේ තිබුනේ පුනරුදයකට යන්න. දැන් ඉතින් නවකවදය නීතිගත වුණා වගෙයි කියලා හිතාගත්තාට කමක් නැහැ. ඔය වී විද්‍යාලයේ මීට වසර 24 කට උඩදී හිටිය නවක වදයට දැඩිව පහරදුන් කොන්ද පණ ඇති උපකුලපති වරයෙක්... අන්තිමට අල්ලාගෙන තනතුරෙන් පැන්නුව අය අද කොහෙද ඉන්නේ ?
මේ කොල්ලට පහර දුන් සියලු අවජාතකයින් හිරේ දැමිය යුතුයි. ශිෂ්‍ය භාවය අහෝසි කළ යුතුයි.
මේ කුලහීන අඩුකුලේ අය නිසා ළමයින් විශ්ව විද්‍යාල වලට යවන්න බයයිනේ.. දරුවගේ ජීවිත ගැන හිතලා වෙනත් විකල්පයක් හොයාගන්න ඕනේ. උපාධියකට වඩා ළමයාගේ ජීවිතේ වටිනවනේ.
සරසවි පාතාලය පෝෂණය වන්නේ JVP සහ පෙරටු ගාමී අනුග්‍රහයෙන් . මේ රජය සංවර්ධනය කරන්නේ රට නොවේ..පාතාලය.
මහා පව්කාරයෝ..