IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිල්වලා ගඟේ ලෙඩකට බෙිතක් සොයයි

(අංජුල මහික වීරරත්න)

මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය ඉදි කිරීමෙන් පසු මතුව ඇති ගැටලු වලට ස්ථිර විසඳුම් ලබා ගැනීම සඳහා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නිල්වලා ගඟ, මාතර නගරය ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත හා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පදිංචි ජනතාවට පානීය ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වේ. නිල්වලා ගඟේ පතුල් මට්ටම මුහුදු මට්ටමෙන් පහළට ඛාදනය වීමත් සමඟ වියළි කාල වලදී මුහුදු ජලය පොම්පාගාර වෙත ගලා ඒම හේතුවෙන් පානීය ජල සැපයුමට දැඩි ලෙස බාධා ඇති වේ.

එයට විසඳුමක් ලෙස ගේට්ටු 5 කින් සමන්විත ලවණ බාධක නිර්මිතයක් 2018-2022 කාල වකවානුවේදී ඉදි කර තිබේ. 

එම ලවණ බාධක නිර්මිතය ඉදිකිරීම හේතුවෙන් ගංවතුර අවස්ථාවලදී පමණක් නොව, වියළි කාලවලදී ද ගඟේ ජල ප්‍රවාහයට බාධා ඇති වීමෙන් වගා බිම් ජලයෙන් යට වී ගොවිතැන් වලට බාධා ඇති වන බව අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් මීට පෙර වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සහ ලංකා හයිඩ්‍රොලික්ස් ආයතනය විසින් අධ්‍යයනයන් සිදු කර ඇති නමුත්, එකී ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීමට මෙතෙක් හැකි වී නොමැත. 

මේ පිළිබඳව අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් 2025-09-08 දින ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ඉංජිනේරු ක්ෂේත්‍රයේ සුදුසුකම් ලත් වෘත්තිකයින් නියෝජනය කරන ස්වාධීන ආයතනයකින් වාර්තාවක් ලබා ගැනීමට තීරණය කර ඇත. 

ඒ අනුව, එවැනි ආයතනයක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙතින් මාතර  නිල්වලා ලවණ බාධකය ඉදි කිරීමෙන් පසු මතුව ඇති ගැටලු වලට තිරසාර විසඳුමක් සඳහා වූ අධ්‍යයනයක් සිදු කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (1)

නිල්වලා ගඟේ ලෙඩකට බෙිතක් සොයයි

දිමුත් Wednesday, 15 October 2025 02:19 PM

අනේ මන්දා.. දැන් කොයි කාලේ ඉඳන්ද විසඳුම් හොයන්නේ...?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site