IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නාල්ලේ අනතුරින් 12ක් රෝහලට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ - කුරුණෑගල මාර්ගයේ නාල්ල මංචිකඩේ හන්දිය ආසන්නයේදී අද සවස සිදු වූ අනතුරකින්  දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

දඹදෙණිය හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි නාල්ල පොලිසිය කියයි.

තුවාලකරුවන් අතර පාසල් සිසුන් තිදෙනකු ද සිටින අතර ඔවුන් දඹදෙණිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇත.

මෙසේ අනතුරට පත් වී ඇත්තේ කුරුණෑගල සිට කොළඹ දෙසට ගමන් ගත් ළංගම බස් රථයක් හා වැලි සෝදන යන්ත්‍රයක් පටවාගෙන ගමන් ගත්  විශාල ට්‍රක් රථයකි.

බස් රථය මංච්කඩේ හන්දිය පසුකර ඉදිරියට ගමන් කරන අවස්ථාවේ ඉදිරිපසින් පැමිණි රථයේ කෙළවරක් බස් රථයේ ගැටී ඇත. ඒ අවස්ථාවේදී එහි පටවා තිබූ යන්ත්‍රය හැරී ගොස් බස් රථය ඉදිරිපස වැදීම හේතුවෙන් බස් රථය අසලින් ගලා බසින ඇළට වැටී ඇතැයි  පොලිසිය කියයි.



අදහස් (2)

නාල්ලේ අනතුරින් 12ක් රෝහලට

ගුණරත්න Monday, 10 March 2025 05:59 PM

ඉස්සර ලංගම රියැදුරන් අතින් අනතුරු සිදුවනවා අහන්න ලැබුනේ නැති තරමයි. විනය ඉහළයි. දැන් ඉන්න හාදයෝ නම් පෞද්ගලික බස්රථ රියැදුරන්ටත් අන්තයි...

:       2       12

Rohana Tuesday, 11 March 2025 04:38 AM

දවසින් දවසම අහන්න ලැබෙන්නේ රිය අනතුරු.එවායින් බොහොමයක් මාරක රිය අනතුරු. මේ රිය අනතුරු වැළැක්වීමට ක්‍රියාකාරී වැඩපිලිවෙළක් වහාම ආරම්භකළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site