IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි

(ගයාන් සූරියආරච්චි)

රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයට මාරු කර යවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන වීඩීයෝවක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව එම පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහත පැවැසීය.

එම වීඩියෝ පටයට අනුව පොලිස් ජීප් රථයකින් පැමිණෙන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බීමතින් නිලඇදුමින් ඇදක් උඩ නිදා  සිටින එක් පොලිස් නිලධාරියකු වඩාගෙන යන ආකාරය දැකිය හැකි අතර ඔහු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූ නිලධාරියකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම නිලධාරීන් මුළුතැන්ගෙයක් තුළ පොලිස් නිල ඇදුමට අගෞරව වන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර එම නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ඒ අනුව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවී ඇති පොලිස් නිලධාරියාගේ වැඩතහනම් කර ඇති අතර අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යවා ඇත.



අදහස් (5)

නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි

සෞදි-සිංහ Thursday, 23 January 2025 04:48 PM

පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා නම් සේවයෙන් ඉවත් කළ යුතුයි.

:       0       42

SL Thursday, 23 January 2025 05:14 PM

ලංකාවේ තියෙන හොඳම පුනරුත්තාපන ආයතනය තමයි රත්නපුරේ මිතුරෝ. ඒ වගේ ආයතන බර ගානක් ඕනෑ වෙයි මේ රටේ මතට ඇබ්බැහි වුණු නිලධාරීන් පුනරුත්ථාපනය කරන්න. පොලිස්, ආමි, නේවි , STF , ගුවන් හමුදා නිලධාරින්, සෙසු නිලයන්, අධිකරණ නිලධාරින් මතට ඇබ්බැහි වී තිබෙන එකට කඩිනම් විසඳුමක් ගතයුතුයි. සැම නිලධාරියෙක්ම මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට ඉක්මනින් යොමුකර ඇබ්බැහි වුවන් හැකි ඉක්මණින් පුනරුත්ථාපනය කිරීම සහ සේවයෙන් ඉවත් කිරීම සිදුකළ යුතුමයි. මතට ඇබ්බැහි වූ කෙනෙකුගේ ප්‍රශ්නේ, ඒ කෙනා කොතරම් හොඳ කෙනෙක් වුණත් ඔහුව පාලනය කරන්නේ මත්ද්‍රව්‍ය විසින්... මත් කුඩු ලබා ගන්නා ඕනෙම දෙයක් කරන්න පුළුවන් තත්වෙකට ඔවුන් පත්වෙනවා. රටේ නීතියේ විධානය භාර පිරසක් මේ මතට ඇබ්බැහි වෙලා ඉන්න තත්වය රටේ ආරක්ෂාවට, මත්ද්‍රව්‍ය පාලනයට ලොකු අභියෝගයක් වෙයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ..., පොරවෙන් කපන්න තියාගෙන හිටියොත් රටම මෙක්සිකෝවක් වෙයි.

:       0       35

sugath Thursday, 23 January 2025 05:41 PM

කුක්කු පැටව් දෙන්නෙක් වගේ යන හැටි. පව් අප්පා...!

:       1       17

Jamitha Friday, 24 January 2025 10:13 AM

මම දන්නා විදියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් තම පිරිස යහමගට ගැනීමක් සිදු කරන්නේ ශ්‍රීලංකා නාවික හමුදාවේ පමණයි, හැබැයි අනිත් ආරක්ෂක අංශ වලත් මත්ද්‍රව්‍යය හා නොයෙකුත් ඇත්බැහිවීම් වලට ලක්වූ පුද්ගලයන් සිටිනවා. ඔවුන්ටත් යහපත් පුරවැසියන් කිරීම සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි.

:       0       4

Latha Monday, 27 January 2025 09:21 AM

රාජකාරි වේලාවේ මත් ද්‍රව්‍ය පානය කළොත් සියළු දෙනාම සේවයෙන් ඉවත් කළ යුතුයි. පොලිස් නිලධාරීන් ගැන කියලා වෙනසක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 272 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 759 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site