(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වැසි සමඟ නානුඔය උඩ රදැල්ල වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරු පවුල් 07 කට අයත් සාමාජිකයන් 47 දෙනෙකු තාවකාලිකව ආරක්ෂිත ස්ථානකරා යොමු කිරීමට එම වතු පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
එම පවුල් පදිංචිව සිටි වතු නිවාස වලට ඉහළින් කදුමුදුනේ තිබෙන විශෘල ගල් කිහිපයක් පැවති වර්ෂාවත් සමඟ පහළට පෙරැළී ඇති අතර, තවත් ගල් කිහිපයක් පහළට පෙරැළීමේ දැඩි අවදානමක් පවතින නිසා එම නිවාස වල පදිංචිකරුවන් තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවෙස්වල පදිංචි කර තිබේ.
ඉහළ කදු මුදුනේ සිට පහළට පෙරලුණ ගලක් වතු නිවාස අසළ පිහිටි එළු ගාලකට පෙරලීමෙන් එම එළු ගාල කඩා වැටී එළුවන් දෙදෙනෙකුද මිය ගිය බවත්, පවත්නා අවදානම මත තමන්ට වෙනත් ස්ථානයක නිවාස ඉදි කර දෙන ලෙස ආපදාවට පත් වතු කම්කරුවන් රජයෙන් ඉල්ලා සිටියි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නාය අවදානමකින් කම්කරු පවුල් 07ක් ඉවතට