IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සාර්ථකයි

නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය.

චීනයේ නිෂ්පාදිත ‘ටීපී1000’ යනුවෙන් නම් කළ මෙම කුඩා ගුවන් යානය, චීනයේ ෂැංග්ඩොං පළාතේ දී මෙම ගුවන් ගමන සාර්ථකව නිමා කළ බව විදෙස් මාද්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ​මෙය යැයි ද පැවැසෙයි.්‍

ඩ්‍රෝන යානාවල පියසැරි තාක්ෂණය භාවිතයට ගනිමින්, චීනය සියයට 100 ක් ඔවුන්ගේ තාක්ෂණය යොදා ගනිමින් මෙම ‘ටීපී1000’ ගුවන් යානය නිර්මාණය කර ඇත.

ගුවන් යානයෙන් ටොන් එකක ධාරිතාවක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති බවත් එතරම් බරක් සමඟ ගුවන් යානයට කිලෝමීටර් 1000 ක දුරක් පියාසර කිරීමට හැකි බවත් පැවැසෙයි.්‍

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (4)

නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සාර්ථකයි

Nihal Monday, 17 March 2025 03:22 PM

නැපෝලියන් කීවා සේම නිදං ඉන්න යෝධයා නැගිටලා

:       1       30

පිටිගල මිලානෝ Monday, 17 March 2025 04:51 PM

මට පරෙවි සංදේශය මතක්වුණා. මේ ක්‍රමය ඉස්සර ලංකාවේ කලේ පරෙවියෝ සහ සැළලිහිණියෝ යොදාගෙන. යැව්වේ ලියුම් විතරයි.

:       18       6

චතුරි Monday, 17 March 2025 06:29 PM

ලෝකේ දියුණු වෙන එක හොඳයි. නමුත් මිනිස්සු දරුණුයි.. ජීවත්වෙන ටික කාලේදි අනුන්ගේ දේවල් බලහත් කාරයෙන් ලබා ගන්න. අතිදක්ෂයි. ඒ නිසා මෙවැනි ගුවන් යානා කිසිම රටකට ඇතුළු නොකර ගන්න වග බලා ගන්න ජීවීත හානි කිසිවක් නොවෙන හෙයින්. බෝම්බ. වලින් අතුරු කරන්න. ඉතාමත් පහසුයි. චීනාගේ රට වටේ යන්න කියන්න. චීනා අනුන්ගේ රටවල්. බලහත්කාරයෙන් ගන්න. හරි දක්ෂයි..

:       0       0

Anura Tuesday, 18 March 2025 10:38 AM

දැන් පරෙවියො සැල ලිහිනියෝ, මෝටර් සයිකල් කාරයෝ උඩ දාගෙන ලංකාවේ කරන්නෙ ඊසි කෑශ් ක්‍රමයට මත් ද්‍රව්‍ය බෙදා හරින එක.. ඒක 100%ක්ම දේශීය තාක්ශනය යොදාගෙන කරන දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1550 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site