
(විමුක්ති එස් රුද්‍රිගු)
වගාව සම්බන්ධයෙන් ආයෝජන ඉල්ලා සිටින ආයතන සමාගම් ලෙස ලියාපදිංචි වී තිබුණත් ඒවා කිසිම නියාමනයකට ලක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා අද ප්‍රකාශ කළේය.
නියාමනය නොවන ආයතනයක කිසියම් පුද්ගලයකු මුදල් ආයෝජනය කිරීමෙන් පසුව එම මුදල් නොලැබුණහොත් පැමිණිලි කිරීමට ආයතනයක් නොමැති වීම නිසා එම ආයෝජනවල විශාල අවදානමක් තිබෙන බව ඔහු පැවසුවේය.
එවැනි ආයතන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය තුළ විශාල මුදලක් ගෙවා දැන්වීම් පළ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ලොකු දැන්වීමක් දුටු විට මෙය හොඳ දෙයක් යැයි සිතා මුලාවට ලක්වන බවත් මුදල් ලැබුණත් මාධ්‍ය මේ පිළිබඳ සැලකිල්ලෙන් සිටිය යුතු බවත් ඔහු පැවැසුවේය.
වගා කිරීමෙන් මෙවැනි ප්‍රතිලාභ ලැබේනම් වගා කිරීම හොඳ දෙයක් නමුත් අනෙක් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වගා කරන්නේ ඇයිදැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රශ්න කළේය.
මුදල් නොලැබුණු විට පුද්ගලයන් පැමිණිලි කළත් මුදල් ලැබෙන විට කිසිවකු පැමිණිලි නොකරන බව ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.
මෙම සමාගම් නියාමනය නොවන බවත් පේර, වල්ලපට්ට, පලතුරු සහ තේක්ක වැනි බෝග වගා කර වාර්ෂිකව මුදල් දීලා වසර 5 අවසානයේ ආයෝජනය කළා මෙන් දෙගුණයක් ලබාදීම සඳහා එම සමාගම් භාවිත කරන ක්‍රමවේදය කුමක් දැයි ප්‍රශ්න කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිසි ආකාරව කලමනාකරණය කලොත් රටට හොඳ දෙයක් වෙන්නේ
සමාගම් පනත සංශෝධනය කල යුතු අතර නීති රීති දැඩි කල යුතුයි . එමෙන්ම මේවයේ ආයෝජන කරන්න අයගේ බදු සම්බන්ධව වගේම රජයේ අනුමැතියක් හෝ එයට වග කිව යුත්තෙක් නැතිනම් ආයෝජකයන්ගේ මුදල් වලට වගකීමෙන් රජය බැහැර විය යුතුය . අක්කර 400 කෝමාරිකා ගැනත් සෙවිය යුතුය