IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’නොනිදන කොළඹ’’ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

 " සමුද්‍රිය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ " ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම වැඩි කිරීම සඳහා ව්‍යුහගත ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. 

ඒ අනුව, "සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ " (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4 ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහිදී ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400 ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනු ලබයි.

 ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (2)

’’නොනිදන කොළඹ’’ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

ගුණරත්න Tuesday, 27 May 2025 12:41 PM

කාලෙකට කලින් එජාප ආණ්ඩුවක් ඔහොම ප්‍රොජෙක්ට් එකක් ගෙනාවා, ඒත් ඒක සාර්ථක වුනේ නැහැ. මොකද ඒ වගේ දෙයක් කරන්න තරම් කාර්යබහුල වෙළෙඳපොළක් ලංකාවේ නැහැ. අරාබියේ දවල් අධික උණුසුම නිසා ඔවුන් වැඩ කරන්නේ හවස ඉර බහින වෙලාවේ ඉඳලා, ඒක ඒ රටවල් වල දේශගුණය නිසා හැදුණු වෙනස්කමක්, ඉතින් බලෙන් සල්ලි පොම්ප කරලා ඔය වගේ බම්බු කරන්න ගිහින් සල්ලි පුච්චන එක විතරයි වෙන්නේ...

:       1       1

Nandalal de Silva - France Tuesday, 27 May 2025 02:38 PM

අදහස නම් හොඳයි. පන්සල් ඇතුළු පූජනීය ස්ථානවලින් සෑහෙන දුරකින් රාත්‍රි සමාජශාලා, කැසිනෝ වැනි විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ගත හැකි ස්ථානවලට කවුරුත් අකමැති වෙන එකක් නැහැ. මෙවැනි ආයතනවලට විදෙස් සංචාරකයන්ගෙන් විදෙස් මුදල් පමණක් භාර ගැනීමත් අනිවාර්ය කළ යුතු වෙනවා. එමෙන්ම මෙම ප්‍රදේශවල තිබෙන ත්‍රී රෝද රථ, ටැක්සි රියදුරුන්ට පවා විදෙස් සංචාරකයින් සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යාම සඳහා මනා පුහුණුවක් දිය යුතුය. ගසාකෑම්, අපරාධ අවම කිරීම සඳහා පුහුණු පොලිස් හො ආරක්ෂක සේවා අත්‍යවශ්‍ය අංගයකි...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site