
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශානත ප්‍රදීප් කුලරත්න)
කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු අට දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉකුත් 13 වැනි දින ශාවස්ත්‍රිපුර තිඹිරි කඩවල ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියකට අත්අඩංගුවට පත්ව මේ වෙනුවට රිමාන් භාරයට පත් කර ඇති අතර ඒ සම්බන්ධව ආධාර අනුබලදීමේ සිද්ධියකට නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයාා කීය.
සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයාට සහයට කවුරුත් එන්නේ නැද්ද?
සේවය අදින් ඉවරයි.