(අංජුල මහික වීරරත්න)
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බව කී ජනාධිපතිවරයා බුදු දහමෙහි හරයන් මත ගොඩ නැගුණු සම්ප්‍රදාය ශ්‍රී ලංකා සමාජය හැඩගැස්වීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් සිදු කර තිබෙන බව කීය.
බෞද්ධ සම්ප්‍රදාය අනුව අනාගත පරම්පරාවට සුරක්ෂිතතාව ලබා දීම සියලු දෙනාගේම වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා රාජ්‍ය උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවට එක් වෙමිනි .
බෞද්ධාගම තුළ තිබෙන ප්‍රධාන උත්සවයක් වන උපසම්පදා විනය කර්මයෙහි ඓතිහාසික වැදගත්කම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උපසම්පදා භික්ෂුව අහෝසි වීම යනු බෞද්ධ සංස්ථාවම අහෝසි වීමක් බවත්, එම අතීත සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් ගෞරවයෙන් ඉදිරියට ගෙන යා යුතු බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්ම රාජ්‍ය උත්සවය 2025 ජුනි 30 වන දා සිට ජූලි 5 වැනිදා තෙක් විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතය. සාමණේර හිමිවරුන් 250කට අධික පිරිසකගේ උපසම්පදා විනය කර්ම මහා උත්සවය මෙලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත් වේ.
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්
පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපිට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක්
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ
karolis Wednesday, 22 January 2025 03:43 PM
ජයමංගල ගාථා සම්ප්‍රදායට අයිති නැතෙයි?
ගමිනී තිලකවර්දන ..Wednesday, 22 January 2025 05:51 PM
ජයමන්ගල ගාථා, පිරිත්, බෞද්ධ සන්කේත තහනම්… ඒවා LTTE ඩයස්පෝරා එකෙන් තහනම් කරලා තිබෙන්නේ ශ්‍රී ලන්කාව ඇතුලේ.. ක්‍රිස්මස් කැරෝල් වලට ඉඩ තිබෙනවා… මේක තමයි වෙන්නේ හීනමානයෙන් පෙලෙන අයට රට දුන්නාම…. පෝය වෙසක් පොසොන් ගැනත් LTTE ඩයස්පෝරා තීරණ අරගෙනලු තියෙන්නේ…
Toni Wednesday, 22 January 2025 04:01 PM
ඇයි පච විදලා රටක් ඉදිරියට යන්නත් බැහැ..
fairoos Wednesday, 22 January 2025 05:21 PM
ජයවේවා...හැබැයි රට මේ තත්වයට පත්කරපු කාලකණ්ණින්ව නම් නිකන් යවන්න එපා.
ගමිනී තිලකවර්දන Wednesday, 22 January 2025 05:43 PM
JVP තුම්මුල්ලේ විමලේට ඉතින් හේතු තියනවා... සෑම නොහැකියාවටම... එක පචයක් වහන්න තව පචයක් කියනවා.
Nihal Wednesday, 22 January 2025 06:43 PM
සිංගප්පූරුව නීති අණපණත් සම්මත කරගෙන අකුරටම ක්‍රියාවට නගපු නිසා නැත්නම් ලංකාවේ මිනිස්සු වගේ තමයි කලින් හිටියේ, අද ඇවරිවත්තට ගියා මෙලොව අපාය, බස්වල ගුවන්තොටුපල ගමනාන්තය, වැසිකිළියක් නෑ. මුත්‍රා කරලා වනසලා, පානදුර වැසිකිළියට 30ක් නහය වහගෙනම මුත්‍රා කරලා ආවේ, නගරවල 99%ක් තත්වය ඕකයි... විදේශකයින් ලස්සන රට අපායක් කරලා කියන එක හරියටම හරි... මේ සමහර ආත්මාර්ථ කුහකයින් හදන්න දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...
ප්‍රියාල් පෙරෙරා Wednesday, 22 January 2025 06:53 PM
තුම්මුල්ලේ පචෝරිස් අපේ හාමුදුරුවරුන්ව අන්දනවා වගේ… ඔක්කෝම කාඩිනල්ගෙන් අහලා ක්‍රියාත්මක කරන ගමන්. ජෙප්පෝ ලෝක පචයින්. මුලු රටක්ම රැවැට්ටුවා...
pj Thursday, 23 January 2025 07:28 AM
මහාචාර්ය නඩය පෙරටු කොට ගෙන රට ආපස්සට ගෙනියන්න ට්‍රයි කරන්න ඒවිටවත් ඉදිරියට යාවි.........
Abid Thursday, 23 January 2025 11:32 AM
නීති රිතී අලුත් වෙන්න ඕනෑ... මත්කුඩු, මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, හොරකම් නැතුව කොහොමද යන්නේ....