
(සුජිත් හේවාජුලිගේ)
පාසල් පද්ධතියට අනිවාර්යයෙන්ම නීති ඇතුළත් විය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.
නීතිය පිළිබඳව දැනුවත්කම අඩුකම අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය බවද දිසානායක මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා බස්නාහිර පළාතේ පළාත් පාලන සභිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදීය. මෙම වැඩ මුළුව අද කොළඹදී පැවැත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ගැන නම් හොදට දන්නවා හැමෝම... නීති ගැන දැන දැනත් ඒවා කඩන සහ... දඩුවම් දෙන්න ගියාම ඒවා නවත්තන එක තමයි නතර කරන්න ඕනේ. දැන් දැක්කේ නැද්ද ඊයේ පෙරේදා වෙච්චි දේ...? නිකන් බොරු වැඩ නොකර ඉන්න.
මුල සිටම පාසල් පද්ධතියට නීතීය විෂයය ඇතුළත් කිරීමෙන් නීතීය පිළිබදව සිසුන්ට අවබෝධයක් ලබා ගත හැක. අපේ රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කෙරුවේ බලලෝභී බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්...
ඉතා කාලෝචිත ක්‍රියාවක්... නීතිය ව්‍යවස්ථාව... සැමොව දැනගත යුතුයි. නැතිනම් හැමෝම නොදන්නා අයව... තමන්ගේ ආයුධ කරගන්නවා.
බොහෝම හොද දෙයක්. මගේ ගෙදර අය අවුරුදු දෙකක් දුක් වින්ද දළදා මාලිගාවෙන් බදු ගෙවන්න කියලා පොලිසියට ඇන්ට්‍රි දාලා. මගේ තාත්තා එක්තැන් වෙලා වයසක අම්මාට බොහෝම අමාරුවෙන් ඉන්න මොහොතේ. අන්තිමට නීතීඥයෙක් ළගට ගිහින් බලපුවහම මාළිගාවට කිසිම අයිතියක් නැහැ කියල කේස් එක බාර ගත්ත. නඩුවක් දැම්මා. මාස හයෙන් අවුල ඉවරයි අපේ ගෙවපු සල්ලිත් ආපහු ලැබුණා. හැබැයි අපි කිව්වාට අහන්නේ නැහැ... ගමෙන් බාගයක් තවම ගෙවනවා මාලිගාවෙ බස්නායක නිලමේට... නොදැනුවත්කම. දුප්පත් අසරණ මිනිස්සු...