
(ෂේන් සෙනෙවිරත්න)
රටේ පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවගේද ජනතාවගේ ද සහායගනිමින් ඉදිරියේදී විධිමත්ව කටයුතු කරන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
පාතාල ක්‍රියාකාරකම් සහ ඒ හා බැඳී පවතින මත්ද්‍රව්‍ය ජාවාරම අද ඊයේ ඇතිවූවක් නොවන බවත් ඒ සඳහා දේශපාලන ආශිර්වාදය මෙන්ම පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ ආශිර්වාදයද ලබා ගනිමින් ත්‍රිවිධ හමුදාවේ ඇතැම් අයගේද සහය ලබා ගනිමින් කරගෙන පැමිණ ඇති බවද පොස්පතිවරයා පවසයි.
මෙරට 37 වැනි පොලිස්පතිවරයා වශයෙන් අභිනව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබාර ගැනීමෙන් අනතුරුව මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස්පතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
මෙරට පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමාජයේ විවිධ තලවල පුද්ගලයන් ඔවුන්ගේ කටයුතු සඳහා භාවිතා කරමින් සිටින බව පැවසූ පොලිස්පති වරයා නිවට නියාලු පිරිසක් විදේශගත වී එම කටයුතුවල නියැලී සිටින බවත් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසියත් සමග සම්බන්ධ වී ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් යොදන බවද පොලිස්පතිවරයා පැවසීය.

2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නීතිය රකින්න විධිමත් වැඩපිළිවෙළක්
nihal Monday, 18 August 2025 01:37 AM
සරත් ෆොන්සේකා මහතාව සම්බන්ධ කරගැනීමට අමතක නොකළ යුතුයි...
Perakum Liyanagama Monday, 18 August 2025 04:28 AM
මේකත් වැඩ පටන්ගන්න කොට කියන තවත් එක් සුරංග කතාවක් නොවේවායි ප්‍රාර්ථනා කරමු.
fairoos Wednesday, 20 August 2025 04:57 PM
ආණ්ඩුවේ ඉන්න අයගේ බලපෑම් නැති හින්දා නීතිය හරියට ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.