
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කරන මෝටර් රථය ගාල්ල අගලිය මුල්කඩ පාලම ආසන්නයේ කුට්ටියාවත්ත අතුරු මාර්ගයේ ගිනි ගනිමින් තිබියදී විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රී සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඝාතනය ට ලක් වූ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඩඩ්ලිව් ඒ නිසංසලා මහත්මිය අකුරේගොඩ සුපිරි වෙළඳ සැලක්ඉදිරිපිටදී ටි 56 ගිනි අවියකින් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.
ඝාතකයන් පැමිණී මෝටර් රථය ගාල්ල අගලිය ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් එය ගිනිගෙන දැවීමෙන් තිබූ බව පොලිසිය කියයි.
විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙම ඝාතනය මෙහෙයවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් සන්ඩේ ලීඩර් එකට, සිරසට ගිනිතිබ්බ අයගේ වැඩක් නෙවේමයි. කවුරු කිව්වත් මම පිළිගන්නෑ...
පාතාලය මර්ධනය කිරීම රජයට, පොලිසියට සහ හමුදාවට පමණක් තනිවම කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා පක්ෂ–විපක්ෂ භේද නොසලකා සියලුදෙනාම රජයට සහයෝගය දැක්විය යුතුයි. විශේෂයෙන් නීති ක්ෂේත්රයේ වගකීම මෙහිදී විශාලයි. “ගොයම් ගහකට මුව වෙලා වෙඩි තැබිය හැකිද?” වැනි තර්ක ඉදිරිපත් කර පාතාලයට ඇප ලබාදීමෙන් අවසානයේ එහි ප්‍රතිඵල විඳින්නේ මුළු රටමයි. දැනට මේ විෂබීජය යම් මට්ටමකට පාලනය කරගැනීමට අපට හැකිව තිබෙනවා. නමුත් එකමුතුව ක්‍රියා නොකළහොත්, ඉදිරියේදී තත්ත්වය තවත් භයානක වී, මෙක්සිකෝව වැනි අභියෝගාත්මක හා අනාරක්ෂිත තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතිනවා.
තාම පෝය දෙකක් ගියේ නෑ මගේ හිතේ...!