(අංජුල මහික වීරරත්න)
නාගරික ප්‍රවාහනය සඳහා මෙට්‍රෝ බස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සුව පහසු, දියුණු තාක්ෂණයක් සහිත බස් රථ ඇණියක් හඳුන්වා දීමට 2025 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත.
ඒ යටතේ, බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර (කොට්ටාව), කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා සුවපහසු, පහත් පිවිසුම් සහිත බස් රථ 100 ක් සේවයේ යෙදවීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිතකර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නාගරික ප්‍රවාහනයට මෙට්‍රෝ බස් එයි
SAMAN Tuesday, 03 June 2025 09:19 PM
මෙහෙම AC බස් සවිස් දාලා, වෙන රට වල වගේ නගරේ ඇතුලට එන වාහන වලට ටෝල් එකක් ගහන්න ඕනේ ලේසියෙන් ම ට්‍රැෆික් අඩු කරන්න පුළුවන්
Thilak Tuesday, 03 June 2025 11:18 PM
Dubai south Road number DS1