IMG-LOGO

නැගෙනහිර බහළුව කළමනාකරණයට සමාගමක්

(අංජුල මහික වීරරත්න)

නැගෙනහිර බහළු පර්යන්තය කළමනාකරණය කිරීම සහ මෙහෙයුම් කිරීම සඳහා සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය - නැගෙනහිර බහළු පර්යන්තය සහ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

නැගෙනහිර බහළු පර්යන්තය මෙහෙයුම් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකම් සහිත සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. එමඟින්, උපරිම ආර්ථික වාසි ලබා ගැනීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමටත් අනෙකුත් පෞද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සමඟ තරග කිරීමටත් හැකියාව ලැබෙනු ඇතැයි රජය පවසයි.

ඒ අනුව, " සීමාසහිත කොළඹ නැගෙනහිර බහළු පර්යන්තය (පුද්ගලික) සමාගම " නමින් සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

නැගෙනහිර බහළුව කළමනාකරණයට සමාගමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site