IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු හතරක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රජයට රුපියල් 5,856,116,00 මුදලක් පාඩු කර දූෂණයක් සිදු කිරීමේ චෝදනාව මත ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කළමනාකාර අධ්‍යක්ෂකවරයකු සැපයුම් කළමනාකරුවකු හා මෙහෙයුම් කළමනාකරුවකු වන බව පොලිසිය කියයි

2020 වර්ෂයේදී ලංකා ධීවර සංස්ථාව වෙත පැයකට මාළු කිලෝ 2000 ක් වැකුම්කර ඇසුරුම් කළ හැකි තරම් ඉහල ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව එවැනි දාරිතාවයකින් යුතු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් එම ආයතනයට මිලදී ගැනීමෙන් රජයට රුපියල් 5,856,116.00 ක පාඩුවක් සිදු කර දූෂණයක් සිදුකිරීමේ චෝදනාවක්සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත

එම ක්‍රියාවලියට අදාළව සැපයුම් කළමනාකරු වශයෙන් කටයුතු කරමින් එකී මිලදී ගැනීම වෙනුවෙන් සැපයුම්කාර සමාගම වන යුරෝමේට් ෆුඩ් ටෙක් පුද්ගලික ආයතන වෙත ගෙවිය යුතුව රුපියල් 928.058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදුකරදීම වෙනුවෙන් අල්ලස් ඉල්ලීම හා අල්ලස් වශයෙන් රුපියල් 100.000.00 ක මුදලක් තම පුද්ගලික ගිණුම් වෙත බැර කරවා ගැනීම තුළින් තුටු පඬුරක් ඉල්ලීම හාත්තු පඬුරු භාර ගැනීම යන චෝදනාවට අදාළව සැකකාර සැපයුම් කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු හතරක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site