(යොහාන් භාසුර)
ධනුෂ්ක ගුණතිලක, ඕස්ටේ්‍රලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (28) පස්වරුවේ පැවසීය.
ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ලෝක කුසලාන තරගාවලිය තුළදී ද විනය කඩකර ඇතැයි ඕස්ටේ්‍රලියාවේදී පැවැති අධිකරණ ක්‍රියාමාර්ගයේදී ද ප්‍රකාශයට පත්වූ බවත් ඔහු මෙරටට පැමිණි වහාම චෝදනා පත්‍රයක් භාරදෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ඔහු මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව හරහා පරීක්‍ෂණය ආරම්භ කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.