
රංජන් කස්තුරි
ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රට පුරා රෝහල්වල දැඩි වෛද්‍ය හිඟයක් පැවතුණ ද මේ වන විට වෛද්‍යවරුන් 1390 ක කණ්ඩායමක් සීමා වාසික පුහුණුව අවසන් කර ඇතත් ඔවුන්ට පත්වීම් ලබාදීම මාස 8 ක් තිස්සේ ප්‍රමාද වී තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.
පුරප්පාඩු නොමැති බව සඳහන් කරමින් එම නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු නොකරන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර හයකින් යාවත්කාලීන වී නොමැති බව ද රට පුරා මෙතරම් වෛද්‍ය හිගයක් පවතීදීත් නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා නොදීම බරපතළ ගැටලුවක් බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත හේතුව වැටුප් ගෙවීමට භාණ්ඩාගාරයේ මුදල් නොමැති වීම විය හැක.
දවල්ට කෑම පැය 2 යි. ඒ පැය දෙකෙත් සමහරු පුද්ගලික සේවයේ. නමුත් ඒ පැය දෙකට අතිකාල පැය දෙකක් රජයෙන් ගෙවනවා. හවස 2 න් පස්සෙ හොයා ගන්නත් නෑ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න දෙන්නෙත් නෑ. උපාධිය ගත්තට පස්සෙ රට පනිනව. හරියට නියාමනයක් සහිතව කරනවනම් දැනට ඉන්න දොස්තරල ප්‍රමාණවත්
දොස්තරල මදි ඇති තමා. සමහරු කාබනික වගාව කරනවා. දොස්තරලා හැමෝම වගේ දැන් යු ටියුබ් නාලිකා කරනවා. ඔක්කොම වගේ රාජකාරි වේලාවෙදිත් පුද්ගලික කඩවල. අනිත් අය ටික එකෙ මීඩියා වල.