
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 1009 ක්ද ඔහුගේ ගිනි අවියද ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක්ද සොයාගත් බව අපරාධ පරීක්ෂණ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට බාරවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
වැලිගම පොලිස් වසමේ සංචාරක හෝටලයක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු හය දෙනකුට චෝදනා එල්ල වූ කාරණය ගැන අදහස් ඉදිරිපත් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දේපළ තහනම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද මාතර අධිකරණයට ගොස් තිබුණා. මේ අවස්ථාවේදී අද තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවස ඊයේ පරීක්ෂා කරලා තියෙනවා. එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 795ක් වයින් බෝතල් 214 ක් වශයෙන් බෝතල් 1009ක් සොයා ගත්තා. ඔහුගේ ගිනි අවිය ලෙස සැලකෙන පිස්තෝලයක්ද පොලිසිය භාරයට ගත්තා. ඇපල් වර්ගයේ දුරකතන දෙකකුත් පොලිස් බාරයට ගත්තා.
COMMENTS
ඇඳුම් කීයක් තිබුණාද කියලා ගනන් කරලා බැලුවේ නැද්ද? මෙහෙමත් ලැජ්ජා නැති ඇමැතිලා. දේශබන්ධු අධිකරණයට භාර වෙනකන් එක මයිල් ගහක් හොයාගන්න බැරි වුණා. දැන් ගොන්පාට් දාන්නේ නැතුව පුලුවන්නම් සෙව්වන්දිව හොයාගන්නවා.
රස්සාවත් නැති උන නිසා සිලින්ඩර් මුත්තාගෙන් බාර් ලයිසන් එකක් ඉල්ලා ගත්තද දන්නේ නැහැනේ !
මේ ඇමතිතුමාගේ තියෙන්නෙ අයිස් ගහන පෙනුමක්.
ඇයි යට ඇඳුම් , සපත්තු සෙරෙප්පු , මේස්...ඇයි ඒවා අහුවෙලා නැද්ද ?
මේව රටට කියලා, මිනිස්සුන්ට විහිලු සපයන්න එපා, රෝහණ විජේවීර අල්ලපු වෙලාවෙත්, රට බීම, රත්තරං ගොඩවල් රූපවාමිනියේ පෙන්නුව! අද මේවා නිවුස් නෙවෙයි, රට වැසියා ආණ්ඩුවක තිබිය යුතු පරිනත බව බලාපොරොත්තු වෙනව!
යෝගා ඒකට තමා දේපල තහනම් කරන්න ගියේ .ඔය ආවේ අපූරුවට .ඉස්සර ඕවා තිබ්බේ නෑ නේද ...භූමිතෙල් ගුලකට දාන්කොට ගැරඬින් එළියට එන්නේ ...තාම පටන් ගත්තා විතරයි ...හොද හොද සෙල්ලං ඉස්සරහට රාජපක්ෂ පෝලිමේ ඉන්නේ
මෙයා නම් සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. නැතිනම් කොහෙන්ද මෙච්චර බඩු...?
දූෂිත දේශපාලුවන්ගේ රැකවරණය ඇතුව ඉන්න ඇති. සමහරවිට සිද්ධාලේප වලට බයේ හිටියා වෙන්නත් පුළුවන්...
මෙයා බේබද්දෙක්නේ බලාගෙන ගියාම...?
මහින්දගේ ගෙදර තියෙන බෝතල් ගණන් කරන්න පුළුවන්ද?
මේ තරම් රට බීම .. අල්ලස්, දූෂණය වෙන්න බැරිද?
අඩුගාණට විකුණනවා නම් කියන්න.
ඔයාලා ඉන්නේ සැකකරුවන් අල්ලන්නද? බෝතල් අල්ලන්නද?
මේ ජරා පාලනය ජාත්‍යන්තර මාධ්‍යවල පමණක් නොව ශ්‍රී ලාංකිකයින් පවා හොල්මන් කරමින් මේ රටේ ප්‍රවෘත්තියක් බවට පත් කර තිබෙනවා. දේශබන්දු සැකකරුවෙකු වුවද, ඔහු ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා මිස රාජපක්ෂ නොවේ. ජාත්‍යන්තර මාධ්‍යවල ශ්‍රී ලංකාව අපකීර්තියට පත් නොකිරීමට ඔවුන් අභ්‍යන්තර කටයුතු විසඳාගත යුතුයි. මේ මෝඩයෝ දන්නේ නැහැ බොහෝ ගෞරවනීය ශ්‍රී ලාංකිකයින් විදේශයන්හි ජීවත් වන බව...
අවුරුදු ගණනාවක් දාඩිය මහන්සියෙන් හරිහම්බ කරගත්තු වස්තුව වියදම් කරලා එකතු කරගත්ත දේවල් සේරම පොලිසියෙන් උස්සගෙන යනකොට මොන මිනිහට ද බං එක විනාඩියක්වත් හැංගිලා ඉන්න පුළුවන්.
ජෙප්පන්ට කන බොන මිනිහෙක් පේන්න බෑ . ඉරිසියාව . කෝ මේ Dds කියන හාදයා . අද හෝදන්නෙ නැද්ද?
එහෙම බෝතල් තියන් ඉන්න එක තහනම්ද?
සතිපතා මේ වගේ නාඩගම් පෙන්වනවා, රටේ මිනීමැරුම්, වෙඩි තැබීම්, පාතාලේ ක්‍රියාකාරකම් දවසින් දවස ඉහල යනවා. ඒ අතරේ කිරිපිටි මිල වැඩි කරනවා, විදුලි බිලටත් වැඩේ දෙන්න හදනවා. රටේම සෞඛ්‍ය වෘත්තිකයෝ පාරට බහින්න ඉන්නවා.
මරු... නඩු භාණ්ඩ වශයෙන් තැන්පත් කරලා පරණ වෙන්න වෙන්න මරු.. නඩු ඉවර වුණු කාලයට වෙන්දේසි කරන්න.