(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස වල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාපීය ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සමඟ එක්ව දේශගුණික විපර්යාස වල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාපීය ව්‍යාපෘතියක් සඳහා වන යෝජනාවක් අනුහුරුවීමේ අරමුදල වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුහුරු වීමේ අරමුදල් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
යෝජිත ව්‍යාපෘතිය වසර 5 ක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කරනු ලබන අතර ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 13ක පමණ මුල්‍ය ප්‍රදානයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙත ලබා දෙනු ඇත.
ශ්‍රී ලංකාවේ මොනරාගල, ත්‍රිකුණාමලය, මන්නාරම, මුලතිව්, වවුනියාව කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ ලෝක ආහාර වැඩසටහන අතර අත්සන් තැබීම පිණිස පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ,කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීයකු එම ඡන්ද මධ්‍යස්ථාන වැසිකිලියක්
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ඉකුත් 10 වැනිදා මහ දවල් අඹු සැමි යුවලගේ ඝාතනය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන්නේ යයි කියන ගැබිනි කාන්තාවක් ඊයේ (13)
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද( 14) අලුයම එකට පමණ මහ මැතිවරණ අපේක්ෂකයකු,ඡන්ද දායකයින්ට මුදල් බෙදමින් සිටිය දී කල්පිටිය අල් මනාර් කදවුර අසළදී කල්පිටිය
උදෑසන 7.00 සිට දහවල් 12.00 වන විට දිවයිනපුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 40ක් පමණ වූ බව මැතිවරණ කාර්යාල පවසයි.
තලාව,හැළඹවැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරු දැරියන් 17 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්විමෙන් රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශගුණ බලපෑම් අවම කරන්න කලාපීය ගිවිසුමක්