IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


දේව මෙහෙයෙදී රට ඉදි නොදුන්නැයි මව්ලවි තුමෝට ගහලා

(සුමිත් පොතුපිටිය)

කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව පොලිසිය සදහන් කරයි .

මෙහිදී පහරකැමට ලක්ව ඇත්තේ කලුතර කටුකුරුන්ද මොහිදීන් ජුම්මා දේවස්ථානයේ මව්ලවි තුමන් බව සදහන් වේ.

සැකකරු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් මව්ලවි තුමා සමග බහින්බස් වීමක් සිදුව ඇති බවත් පසුව පහරදි ඇති බවත් පැවසේ.

පහරකෑමට ලක්වූ මව්ලවි තුමා කලුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

සැකකරු කලුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බවත්, ඔහු  ප්‍රදේශය හැරගොස් ඇති බවත් පොලිසිය කීය.



අදහස් (4)

දේව මෙහෙයෙදී රට ඉදි නොදුන්නැයි මව්ලවි තුමෝට ගහලා

පිස්සෝ Monday, 17 March 2025 08:32 PM

අඩේ වහාම ඌව අල්ලාහ් ගන්න ...දෙවියන්ට වත් කියල බැරිද

:       6       22

kapTuesday, 18 March 2025 01:00 PM

අනික් ආගම් විහිලුවට ගන්න එක තමන්ගේ පුරුද්දක්ද ? අපි හෑමෝම අපේ ආගමට අදාල දෙවියන්ට තමයි කියන්නෙ අපේ දුක් ගෑනවිලි... ඔයා ආගම් වලට අපහාස කරන්න එපා.

:       7       0

Rifan Monday, 17 March 2025 09:21 PM

දේව මෙහෙයක රටඉදි බෙදාදීමක් සිදු කරන්නේ නැහැ. උපවාස මාසයේ ප්‍රදේශ ජනතාවට නොමිලේ බෙදාදීමට රටඉදි විදේශ ආධාර ලැබෙනවා. එසේ ලැබුණු රටඉදි නිසිලෙස බෙදා නොදෙන අවස්ථාවල මෙවැනි අර්බුද ඇති වෙනවා. මා සිතන්නේ මෙතනත් වෙලා තිබෙන්නේ එවැනි දෙයක්.

:       1       7

ශාන් Tuesday, 18 March 2025 07:08 AM

අපේ රටේ ඈයෝ කිසිම ජාති භේදයක් නැතිව දැන් පිස්සු කෙළිනවා. මුස්ලිම් අය මේ දවස්වල දවසම නොකා ඉන්නේ. ඒ අයත් එක්ක වැඩකරන, හැසිරෙන අය ඒක ටිකක් මතක තියාගන්න එක හැමෝටම පහසුයි. විශේෂයෙන් පළමු දවස්ටික ඒ අයට ටිකක් අමාරුයි කියලා මම අහලා තියෙනවා.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 600 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 512 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site