IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දූෂිත කොන්ත්‍රාත්කරුවන් ‘‘බ්ලැක් ලිස්ට්‘‘ නොකරන එම රට

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ගිවිසුම්ගත බැදීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රතිපාදන තිබියදීත් එසේ නොකරන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

2006 වසරේ හඳුන්වා දී ඇති ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල ඇති හිඩැස් හේතුවෙන් ඉහත පළමු ගැටලුව මතු වී තිබෙන බවත් දූෂණයට එරෙහිව සටන් වැදීම සඳහා ඉතා ඉක්මණින් එම හිඩැස් වසා දැමීමට කටයුතු කළ යුතු බවත් මෙම වාර්තාවෙන් හෙළි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ගිවිසුම්ගත බැදීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට පමණක් නොව එම කොන්ත්‍රාත්කරුවන්ගේ නම් පොදු, මාර්ගගත දත්ත ගබඩාවක් මගින් ප්‍රකාශයට පත් කිරීමටද ප්‍රතිපාදන තිබුණත් පසුගිය වසරේ ජූලි මස වනතෙක් එම දත්ත ගබඩාවේ කිසිම නමක් ප්‍රදර්ශනය වී නොමැති බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.එයට හේතුව පවතින රෙගුලාසි වලට අනුකූල නොවීම බව එම වාර්තාවෙන් පෙනී යන්නේ යැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

අනෙක් දකුණු ආසියානු රටවලත් මෙවැනිම දත්ත ගබඩාවක් තිබෙන බවත් නේපාලයේ එම දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැදීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 629 කගේ සහ බංග්ලාදේශයේ දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැදීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 510 කගේ නම් ඇතුළත් වී තිබෙන බවත් එම වාර්තාවෙන් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

 



අදහස් (1)

දූෂිත කොන්ත්‍රාත්කරුවන් ‘‘බ්ලැක් ලිස්ට්‘‘ නොකරන එම රට

Lalla Monday, 19 February 2024 10:16 AM

අපරාධ කළ සහ චූදිත මන්ත්‍රීලා නෙරපීම නොකරන ලොව එකම පාර්ලිමේන්තුව...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site