( බී.ජි. චතුරංග)
දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. ඒ.සී. ගුණතිලක මහතා විවෘත තීන්දුවක් නිකුත් කළේය.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මුත්‍රා හා ලේ සාම්පල මෙන්ම අක්මාව, ආමාශය, ඇතුළු ශරීරයේ කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට යවා අදාළ පරීක්ෂණවලින් පසු එම මරණයට හේතුව නිශ්චිතවම දැන ගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.
ශරීරයේ අභ්‍යන්තර හෝ මතුපිට සැක කටයුතු තුවාල කිසිවක් දක්නට නොමැති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණයවූ බව හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd