(යොහාන් භාසුර)
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (7) පස්වරුවේ පැවසීය.
එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත රියදුරු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
මරදාන දුම්රිය ස්ථානයෙන් ඊයේ (6) පෙරවරුවේ ධාවනය ආරම්භ කළ අදාල රියදුරු අසනීප යැයි දැනුම්දී කොග්ගල දුම්රිය ස්ථානයේ දුම්රිය නවතා පළාගොස් ඇති අතර දුම්රියේ සිටි මගීන් 500 කට අධික සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර පසුව වෙනත් දුම්රියකින් ඔවුන් පිටත්කර හැර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ වලින් පසුව නැවත සේවයේ පිහිටවනවා. ඕකුන්ගේ වෘත්තීය සමිතිය ඕකට බලපෑම් කලේ නැත්තම් ඒක පුදුමයක්. ඔය ආයතන හැදුවොත් අටපට්ටමට කියන්න කියලා තමයි කියන්න වෙන්නේ.
සාධාරණයක් කළ යුතුයි. මගේ බඩ බුරුල් වුණා මම පැනලා ගියේ නැහැ. එළියට යන්න අවසර ගන්න වෙලාවක් තිබුණේ නැහැ. කාපු කොත්තුව තමයි ප්‍රශ්නේ...