(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේ දි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම එක්ව අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට්පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට උකු වෙල මහනුවර සහ මාතලේ පදිංචි වයස අවුරුදු 34-44 පසුවන්නන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි හරහා කුණු කාණු සුද්ද කරන්න දාන්න. ජරාව කාල පුරුදු අය ලවා ජරාව සුද්ද කරනව ඇර වෙන පුනරුත්ථාපනය කරන්න ක්‍රමයක් නෑ.
මගඩි ඇතිවන හේතුව මොකක්ද? අවශ්‍ය තරමට දුම්රිය සහ ආසන සංඛ්‍යාව මදිකම. ඒකට පිලියම් යොදන්න. අවශ්‍ය කාල සීමාව තුල වැඩිපුර දුම්රිය ලාභ ගන්න පුළුවන් ගමනාන්ත වලට යොදන්න. අනික ටිකට්පත ගමන් කරන අයගේ හැඳුනුම්පත හෝ පාස්පෝට් අංක දාන්න. කණ්ඩායමක නම් එක අයකුගේ හෝ ඇතී.
ඉතා හොඳයි . දුම්රිය සියලු මගඩි හොයලා දඬුවම් දෙන්න .
ඔන්ලයින් බුක් කිරීමේදී 5%ක සේවා ගාස්තුවක් මොබිටෙල් ගන්නවා. මෙච්චර කාලයක් වෙනකන් ඔවුන් මොනවාද කළේ, මේ සේවා ගාස්තුවත් අරගෙන? CID එකේ ගාස්තුව මොබිටෙල් එකෙන් අය කරගන්න ඕනේ මේවා මේ විදියට වෙනකම් උද බලන් හිටියට