
( මහින්ද නිශ්ශංක )
දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
මේ අතර තවත් ගමන් වාර 22 ක් පමණ ධාවනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් පවතින බවත් සංගමය සදහන් කරයි.දැනට අවලංගු කිරීමට සිදුවී ඇති දුම්රිය අතර කුරුණෑගල, රඹුක්කන, පොල්ගහවෙල, හලාවත, බලා ධාවනය වීමට නියමිත දුම්රිය ද වේ.
මේ නිසා දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩි දුරටත් පැවසීය.
COMMENTS
කවුරු රටේ රජ වුණත් දුම්රිය සේවය කියන්නේ අපේ සහ අපේ පවුල්වල බූදලයක් කියලා තමයි දුම්රිය සේවයේ ඉන්න කාලකන්ණි හිතාගෙන ඉන්නේ. අසරණ මිනිස්සු හැමදාම දුක් විඳිනවා මේ අය හින්දා. මේක පෞද්ගලිකකරණය කළ යුතුමයි. සේවකයෝ 14,000 කට union 140 තියාගන ඉන්න මේ අය රටට සාපයක්...
ඕන්න ඕකයි තත්වය. හදිසි සැලසුමක් නෑ. Proactive නෑ. Planning නෑ. මීට කලින් ඕනතරම් ඔහොම වෙලා ඇති, ඒත් ඒවායින් පාඩම් ඉගෙන අරන් නෑ. මෙලෝ රහක් නෑ. මෙහෙම රටක් ඉස්සරහාට යන්නේ නෑ...!