(ප්‍රසාද් රුක්මල්)
පවතින දැඩි සුලං සමග විශාල ටර්පන්ටයින් ගස් මාර්ගයට කඩා වැටීමෙන් වසා දැමූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ මාර්ගය අද (25) උදෑසන යලි විවෘත කල බව දියතලාව පොලිසිය පවසයි .
දියතලාව හපුතලේ මාර්ගය දෙපස පිහිටි විශාල ටර්පන්ටයින් ගස් දිගින් දිගටම කඩා වැටී මාර්ගය අවහිර වීම නිසාවෙන් මෙන්ම තව දුරටත් මාර්ගයට සුලං සමග ගස් කඩාවැටිමේ අවධානම නිසාවෙන් මෙසේ ජනතාවගේ ජීවිත ආරක්ශාව වෙනුවෙන් දියතලාව හපුතලේ මාර්ගය ඊයේ (24) රාත්‍රි වසා දැමූ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය සදහන් කළේය .
දියතලාව යුදහමුදා කදවුරේ නිලධාරීන් , මාර්ග සංවර්ධන අධ්කාරියේ සේවකයන් , දැව සංස්ථාව එක්වී මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගස් කපා ඉවත් කලහ.
මේ අතර දැනට දින 5ක් මුලුල්ලේ දියතලාව හපුතලේ ප්‍රදේශය හරහා හමායන සුලං හේතුවෙන් අද (25) අලුයම දියතලාව ගල්කන්ද ප්‍රදේශයේ දී විදුලි රැහන් මතට විශාල කඩා වැටී විදුලි කණු , රැහන් කැඩිගෝස් දියතලාව ගල්කන්ද ප්‍රදේශයේ විදුලිය ඇණ හිට ඇත.
COMMENTS