
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පසුගිය කාලයේදී විවිධ කණ්ඩායම් ඉලක්ක කර අවමන් සහගත අශෝභන ප්‍රකාශ නිකුත් කර සමාජයේ කැළඹීමක් ඇති කිරීම සැලකිල්ලට ගෙන ඔහු පාර්ලිමේන්තුවේ කරන කතා දින අටක කාලයක් ශ්‍රව්‍ය දුෂ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවීව විකාශය කිරීම අත්හිටුවීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (19) නියෝග කළේය.
මේ අනුව ඔහුගේ පාර්ලිමේන්තු කතා මාර්තු 20, 21 අප්‍රේල් 8 ,9 සහ 10 මැයි 6 7,8 දිනවල ශ්‍රව්‍ය දුෂ්‍ය හා සමාජ මාධ්‍යවල සජීව ලෙස විකාශය කිරීම අත්හිටවනු ඇත.
එසේම එම අවමන් සහගත ප්‍රකාශ සියල්ල හැන්සාඩ් වාර්තා වලින් ඉවත් කිරීමටද නියෝග කරන බව කථානායකවරයා පැවසුවේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
මානසික වෛද්‍යවරයෙකුටත් පෙන්වන්න. මොළේ ඇතුළේ ඊළාම් සිහිනව ඔඩුදුවලා වගේ. ඒ සල්ලි වලින්ද දන්නේ නෑ... දේශපාලනය කළේ...?
මීළඟ මැතිවරණයේදී මේ අපතයාගේ කට, සදාකාලිකවම වහන්න යාපන දිස්ත්‍රක්කයේ ජනතාව වගබලා ගනිත්වා...!
මුස්ලිම් අයට විරුද්ධ වුණ නිසා දැන් ඉතින් ලංකාවේ මහජනයාට මෙයා වීරයෙක්
මොන්ගල් පෙනුමක් තියෙන්නේ.., මෙයාට ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.