
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම පාතිමා අයේෂා නමැති නව හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
අදාළ දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට අමතරව පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ බුද්ධි නිලධාරින්ද ඒකාබද්ධව පරීක්ෂණ පවත්වන බව පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය.
දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පාණදුර ප්‍රදේශයේ පදිංචිව සිටින දැරියගේ සමීප ඥාතියකු සම්බන්ධව ද සොයා බලන බව ද පොලිසිය කියයි
දැරිය පිටකොටුව ප්‍රධාන බස් නැවතුම් පොළේ කාන්තාවක් සමග සිටින බවට මුහුණු පොතේ පළ කළ දැන්වීමක් අනුව ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කොළඹ ප්‍රදේශයේ පොලිසිවලට පොලිස් පණිවුඩ නිකුත් කළ බව බණ්ඩාරගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය
දැරිය අතුරුදන් වීමට පෙර දින රාත්‍රියේ හැඳ සිටි රාත්‍රි ඇඳුම හොරණ පොලිස් නිල සුනඛ "ඩෘනෝ" සුනඛයාට ඉව කිරීමට සැලසීමෙන් අනතුරුව පොලිස් නිල සුනඛයා දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගිය බව කියන වෙළඳසැල අසලට ගොස් නැවතුන බව පොලිසිය කියයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් මරණයක් මතු භවයකදී නොමවේවා දියණියනේ.., දෙමව්පියන්ට මෙවැනි දුකක් කිසි භවයකදී නොම වේවා...! ඔබ පතන්නා වූ සුගතියකට පැමිණෙත්වා...!
වැරැදිකරුවන්ට අනුව අපට අහන්න තියෙන්නේ.., අවුරුදු 9 ක දැරිවියක් තනියෙන් ආරක්ෂිතව යවන්නේ කොහොමද කියලයි.
මරපු කෙනා අහුවුණාම... පණ පිටින් අතපය ගැලවිය යුතුයි.
දෙමාපියන්ගේ රාජකාරිය මේකද?. මත්ද්‍රව්‍ය භාවිතය කරන කරන අය එයින් මුදාගන්න බැරිනම් කඳවුරුගත කල යුතුයි. මේක සමාජීය ව්‍යවසනයක්...
මේ වගේ නරුමයින්ට නිසි දඬුවම් නොලැබීම නිසා තමයි මෙවැනි අපරාධ අහන්න ලැබෙන්නේ..