IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දළදා වඳින්න ඊයේ සිට දිගු පෝලිම්

(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

හෙට  සවස 3.00ට ආරම්භ වීමට නියමිත දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා  බැතිමතුන් විශාල පිරිසක් ඊයේ (16) සවස් වරුවේ සිට  පොලිම්වල රැඳී සිටින අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

දළදා දැක්ම සඳහා බැතිමතුන්ට රැඳී සිටීම සඳහා  සූදානම් කොට ඇති පෝලිම් තුන මේ වන විට කිලෝමීටර එකකටත් වැඩි ප්‍රමාණයක බැතිමතුන් රැඳී සිටින අයුරු දැක ගතහැකිය.

 අනුරාධපුරය, කැපිටිගොල්ලාව, මිහින්තලය, ගිරාඅඳුරු කෝට්ටේ, ආදී දුර බැහැර ප්‍රදේශවල ජනතාව එසේ පෝලිම්වල රැඳී සිටින අයුරු නිරීක්ෂණය වේ.

(ඡායාරූප: ෂේන් සෙනෙවිරත්න)


(ඡායාරූප: ජේ.ඒ.එල්.ජයසිංහ)



අදහස් (12)

දළදා වඳින්න ඊයේ සිට දිගු පෝලිම්

prabash kularathne Thursday, 17 April 2025 12:40 PM

අනේ කාලේ වනේ වාසේ කියනවාලු පව් ගෙවනවා කියන්නේ ඔන්න ඕවාට තමයි

:       62       26

AselaThursday, 17 April 2025 01:17 PM

මේ අය දළදා වහන්සේලා බලන්න එනවා, පෝලිමේ යන එක අමාරුයි කියලා එයාලා දන්නවා. ඉතින්, මේ අවස්ථාව හරිම දුර්ලභ නිසා මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අය නොනවත්වා දුක් විඳිනවා කියලා ඔයා කියන්නේ මොකක්ද? ඔයා ඒ ගැන වැඩිය දන්නේ නැත්නම්, කට වහගෙන ඉන්න. හැම දෙයක්ම දන්නවා කියලා පෙන්නන්න එපා. මේ අහිංසක මිනිස්සු.

:       8       61

Ran thaThursday, 17 April 2025 02:30 PM

බොහෝ වෙලාවට ඔහු අන්‍යාගමියෙක්. නැතහොත් ජෙරම් ලොක්කාගේ ගෝලයෙක්. ඔවුන්ට බුදුන් වහන්සේ තරම් තරහකාරයෙක් වෙන නෑ. හේතුව බුදධාගමේ කිසිදු දෙයක් බොරු නෙමේ.

:       10       35

randil dunuwilleThursday, 17 April 2025 03:55 PM

ප්‍රභාෂ් වගේ ඕපපාතිකයෝ මිථ්‍යා දෘෂ්ථිකයෝ බුදුන්ගේ කාලෙත් හිටියා. ඒකෙ අද කාලෙ ගැන කවර කතාද?

:       3       22

රම්බොඩ Thursday, 17 April 2025 01:34 PM

ඇතැම් හිස් මිනිසුන්ට නිවටයින්ට මේවා පව් වගේ දැනෙන්න පුලුවන් . ඒ ඔවුන්ගේ ප්‍රන දෝෂයක්. සිංහල බෞද්ධ මිනිසුන් දළදා වහන්සේ දකින්න යන්නේ ජීවමාන බුදුන් දකින සද්ධාවන්ත මානසිකත්වයකින්. එදා දඹදිවත් එහෙමයි.

:       6       33

ලුම්බිණි Thursday, 17 April 2025 02:25 PM

නැතුවට හරිම කෑමක් බීමක් ගතට වැරුවට නින්ද දුක් විඳිමින් මේ ලෙසට දුටුවට දළදාව එක සුළු මොහොතකට පැතුවට හැකිද යන්නට හොඳ බවයකට

:       19       7

sanath Thursday, 17 April 2025 03:12 PM

තෙරුවන් සරණින් ඔවුන්ගේ පැතුම කරදරයක් නැතිව ඉටුවේවා...!

:       2       22

සැදැහැවත් බෞද්ධයා Thursday, 17 April 2025 03:16 PM

දළදා වහන්සේ වඳින එක හොඳයි. දැක බලාගන්න එකත් හොඳයි. නමුත් මෙච්චර දුක් විඳලා මේ දුක් සසරින් මිදීමට ඒක හේතුවක් වෙන්නේ නෑ. බුදුන් දෙසූ දහම අවබෝධ කරගන්න. මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වන්නට බුදු හාමුදුරුවන් දෙසූ දහම අනුගමනය කරන්න. නිවන් අවබෝධ කර ගන්නට උත්සාහ කරන්න.

:       3       12

Krishantha Thursday, 17 April 2025 03:31 PM

හිස් මිනිස්සුන්ට මේවා විහිළු වෙන්න ඇති... ඒත් කොහේ හරි ගෑනු ටිකක් හෙළුවෙන් දඟලනවා හරි එහෙම නැත්තන් ඔය නිව් ජෙනරේෂන් කියාගෙන පිස්සු නටන ගොබ්බයෝ ටිකක් මොනවා හරි කළා නම් ඔය මේ දේවල් වලට ගරහන ගොඩක් අයත් ඒ පෝලිම් වල ලගිනවා බලන්න පුළුවන්... මේ අපේ ජාතියේ ආගමේ මුදුන් මල්කඩ ජීවිතේ එකපාරක් හරි දැහින් දැකලා වැඳ ගන්න ඕනෑම බෞද්ධයෙක් ආසයි... ඒ පින ළඟාකරගන්න තමයි ඔය මිනිස්සු දඟලන්නේ...!

:       3       20

අජිත් පි්‍රයන්ත Thursday, 17 April 2025 05:10 PM

නොනැසෙන ශ්‍රද්ධාව. මෙය පව් ගෙවීමක් නෙවෙයි. එහෙම කියන අය තමයි පව්කාරයෝ... මූලධර්ම වාදියෝ...!

:       3       11

අමරේFriday, 18 April 2025 10:31 AM

ආරක්ෂක නිලධාරිනි, මේ සද්ධා ගුණයෙන් පිරි බැතිමතුන්ට කාරුණික වන්න. තමන්ගේ පවුලේ අයට මෙන් ආරක්ෂාව සපයන්න. ඒ තමා බුදුන් වහන්සේ ලොවට දුන් පණිවිඩය . මා දළදා හිමියන් ලංගටම ගොස් වන්දනාමාන කලේ 1977 වර්ෂයේ. එදා ඇතිවුණු බුධ්ධාලම්බන ප්‍රීතිය වසර 45කට පසුවත් මගේ හදවත තුළ තැන්පත්ව තියෙනවා. පුලුවන් හැමෝම දරු පවුල්වල සියලු දෙනාම සමඟ මෙම උතුම් මොහොත සහභාගී වන්න

:       0       0

සකියම Friday, 18 April 2025 04:52 AM

මේ වැදගත් උපාසක උපාසිකාවන් දන්නවා නම් කියලා දෙන්න... දළදාව මොකද හංගගෙන ඉඳලා, දේශපාලන වුවමනාවන් වගේ දේකදී මෙහෙම හදිස්සියේ පෙන්වන්නේ? හැමදාම පේන්න තිබ්බා නම් කැමැති කෙනෙක් කැමැති වෙලාවම ගිහින් වැඳපුදා ගන්නවා. අනික්, ඓතිහාසික වටිනාකමක් තියෙන දෙයක් නම් ඒක රටේ මහජනයාට අයිති දෙයක්. ඒක අවුරුදු 16 න් 16ට බලන්න තියෙන්නනෝන දෙයක් නෙමේනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 735 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site