
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
හෙට සවස 3.00ට ආරම්භ වීමට නියමිත දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් ඊයේ (16) සවස් වරුවේ සිට පොලිම්වල රැඳී සිටින අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
දළදා දැක්ම සඳහා බැතිමතුන්ට රැඳී සිටීම සඳහා සූදානම් කොට ඇති පෝලිම් තුන මේ වන විට කිලෝමීටර එකකටත් වැඩි ප්‍රමාණයක බැතිමතුන් රැඳී සිටින අයුරු දැක ගතහැකිය.
අනුරාධපුරය, කැපිටිගොල්ලාව, මිහින්තලය, ගිරාඅඳුරු කෝට්ටේ, ආදී දුර බැහැර ප්‍රදේශවල ජනතාව එසේ පෝලිම්වල රැඳී සිටින අයුරු නිරීක්ෂණය වේ.
(ඡායාරූප: ෂේන් සෙනෙවිරත්න)


(ඡායාරූප: ජේ.ඒ.එල්.ජයසිංහ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වනේ වාසේ කියනවාලු පව් ගෙවනවා කියන්නේ ඔන්න ඕවාට තමයි
ඇතැම් හිස් මිනිසුන්ට නිවටයින්ට මේවා පව් වගේ දැනෙන්න පුලුවන් . ඒ ඔවුන්ගේ ප්‍රන දෝෂයක්. සිංහල බෞද්ධ මිනිසුන් දළදා වහන්සේ දකින්න යන්නේ ජීවමාන බුදුන් දකින සද්ධාවන්ත මානසිකත්වයකින්. එදා දඹදිවත් එහෙමයි.
නැතුවට හරිම කෑමක් බීමක් ගතට වැරුවට නින්ද දුක් විඳිමින් මේ ලෙසට දුටුවට දළදාව එක සුළු මොහොතකට පැතුවට හැකිද යන්නට හොඳ බවයකට
තෙරුවන් සරණින් ඔවුන්ගේ පැතුම කරදරයක් නැතිව ඉටුවේවා...!
දළදා වහන්සේ වඳින එක හොඳයි. දැක බලාගන්න එකත් හොඳයි. නමුත් මෙච්චර දුක් විඳලා මේ දුක් සසරින් මිදීමට ඒක හේතුවක් වෙන්නේ නෑ. බුදුන් දෙසූ දහම අවබෝධ කරගන්න. මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වන්නට බුදු හාමුදුරුවන් දෙසූ දහම අනුගමනය කරන්න. නිවන් අවබෝධ කර ගන්නට උත්සාහ කරන්න.
හිස් මිනිස්සුන්ට මේවා විහිළු වෙන්න ඇති... ඒත් කොහේ හරි ගෑනු ටිකක් හෙළුවෙන් දඟලනවා හරි එහෙම නැත්තන් ඔය නිව් ජෙනරේෂන් කියාගෙන පිස්සු නටන ගොබ්බයෝ ටිකක් මොනවා හරි කළා නම් ඔය මේ දේවල් වලට ගරහන ගොඩක් අයත් ඒ පෝලිම් වල ලගිනවා බලන්න පුළුවන්... මේ අපේ ජාතියේ ආගමේ මුදුන් මල්කඩ ජීවිතේ එකපාරක් හරි දැහින් දැකලා වැඳ ගන්න ඕනෑම බෞද්ධයෙක් ආසයි... ඒ පින ළඟාකරගන්න තමයි ඔය මිනිස්සු දඟලන්නේ...!
නොනැසෙන ශ්‍රද්ධාව. මෙය පව් ගෙවීමක් නෙවෙයි. එහෙම කියන අය තමයි පව්කාරයෝ... මූලධර්ම වාදියෝ...!
මේ වැදගත් උපාසක උපාසිකාවන් දන්නවා නම් කියලා දෙන්න... දළදාව මොකද හංගගෙන ඉඳලා, දේශපාලන වුවමනාවන් වගේ දේකදී මෙහෙම හදිස්සියේ පෙන්වන්නේ? හැමදාම පේන්න තිබ්බා නම් කැමැති කෙනෙක් කැමැති වෙලාවම ගිහින් වැඳපුදා ගන්නවා. අනික්, ඓතිහාසික වටිනාකමක් තියෙන දෙයක් නම් ඒක රටේ මහජනයාට අයිති දෙයක්. ඒක අවුරුදු 16 න් 16ට බලන්න තියෙන්නනෝන දෙයක් නෙමේනේ...