
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ ඝණ අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා පවසයි.
ඊට අමතරව ප්ලාසිටික් වතුර බෝතල් ලක්ෂ 35ක් පමණ පරිසරයට මුදා හැර ඇතැයි ද නාමල් ධම්මික මහතා කියා සිටියේය.
ඉතාමත් අවිධිමත් ලෙස එම කසල නගරයේ තැන්තැන්වල දමා යාම නිසා නගර සභා සේවකයන් මෙන්ම නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගිහි පැවැදි විශාල පිරිස් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.
ඇතැම් පිරිස් සිලි සිලි මලුවලට දැමූ මළ මූත්‍ර පවා තිබෙන බවත් ඇතැම් පිරිස් වතුර බෝතල්වලට මුත්‍රාකර නගරයේ තැන් තැන්වල දමාගොස් තිබූ බව ද දිසානායක මහතා කීය.
මේ හේතුවෙන් කසල වෙන් කිරීමේ දී නගර සභා සේවකයන් ඉතා අපහසු තාවයන්ට මුහුණ දුන් බවත් කසල වෙන් කිරීම ඉතා කටුක කටයුත්තක් වී තිබෙන බවද කියයි.
දළදා දැක්මේ අවසන් දිනය වූ අද දහවල් 12.00 පමණ වන විට කසල ටොන් 528 ක් ගුහාගොඩ කසල අංගනයට යොමු කළ බව පැවසූ නාමල් දිසානායක මහතා දළදා දැක්ම අවසන් වන විට එය කසල ටොන් 600 ඉක්මවා යනු ඇති බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
බකල ජයා Sunday, 27 April 2025 09:23 PM
සැදැහැවන්ත කුණු නිසා ඉවත්කරන අයට පින් රැසයි. සංස්කෘතික වටිනාකමකුත් තියෙන නිසා සම්ප්‍රදායත් රැකෙනවා.
SL Sunday, 27 April 2025 10:39 PM
මිනිස්සු ලක්ෂ ගණනක් ආවා. සමහරුන් දවස් 2-3 පෝළිම්වල හිටියා. මේ පිරිසට අවශ්‍ය වැසිකිළි පහසුකම්, කසල බැහැර කිරිමේ පහසුකම් දෙන එක සංවිධායක පිරිසගේ වගකීම ක්. වැසිකිළි යන්න තැනක් නැතිනම් මිනිස්සුන්ට ඉබේ ම ඒ කටයුත්ත වෙනවා මිනිස්සුන්ට චෝදනා කරලා වැඩක් නැහැ
Don perea Monday, 28 April 2025 01:44 AM
රටේ ඉන්න ගව සම්පත
Ranjith Dubai Monday, 28 April 2025 08:56 AM
මෙට්‍රික් ටොන් 600 ක කසළ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර නිසි ආකාරයෙන් බැහැර කිරීම අදාළ නගර සභාව සතු වගකීමකි. නගර සභාව විසින් සපයන ලද බඳුන්වලට කසළ බැහැර කර ඇත්නම්, එය ඒ අනුව හැසිරවිය යුතුව තිබුණි.
RS Monday, 28 April 2025 10:25 AM
පරීහරණය කරන්න ඇති , නමුත් ඔවුන් ගෙනල්ලා නොවෙයි . දනස්ල් දීපු ඒවත් ඔතන 50%ක් පමණ තිබුණා.