
(අංජුල මහික වීරරත්න)
ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය වන අතර ඊට සිය ආශිර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමිවරු පැවසූහ.
මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නා හිමි වරු සහ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථවේදී මේ බව සඳහන් කළහ.
මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ජනතාව නැවත පදිංචි කිරීම් කටයුතුවලදී දළදා මාළිගාවෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳ මෙහිදී දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරනු ලැබීය.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව විසින් ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්ද මෙහිදී පිරිනමන ලදී.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දළදා මාලිගාවෙන් රට නඟන අරමුදලට පරිත්‍යාගයක්
Nimal Thursday, 11 December 2025 02:43 PM
කීයක් දුන්නද දන්නෙ නෑ නේද? ටිකක් පරක්කු වෙලා දීලා තියෙන්නේ කල්පනා කරලා දෙන්න ඇති, ලොකු පෙට්ටිය තියෙන සල්ලි වලින් සීයට දශම බින්දුවයි බින්දුවයි එකක් වත් දුන්නොත් ඉතින් ලොකු ගාණක් හම්බවෙනවානේ. මේ අවතැන්වූ අයටයි රට ගොඩනැගීමටයි...
User 7bV0n2 Thursday, 11 December 2025 02:45 PM
දවසින් දවස අලුත් නාය යෑම් මතු වෙනවා ,මද්‍යම පළාත මුලික කරගෙන කදු පන්ති නාය යනවා, ගොවිතැනක් කරගෙන රටට බත, එළවලු ටික සපයපු ඒවගේ උන්නු අහිංසක මිනිස්සු, වගා කරගෙන ඉන්න පුළුවන් රජයෙන් ගෙවල් හදා ගන්න සල්ලි දීල ඉඩම් දුන්න නම් කදු නැති තැනිතලා ප්‍රදේශ වලින්.වව්නියාව, කිලිනොච්චි , මන්නාරම , අම්පාර ,ත්‍රීකුණාමලය හොදයි අලුත් ගම්මාන හදල ජනතාව පදිංචි කරවන්න. දිගු කාලින විසදුමක් ඕනේ, කදු වල කැළෑ වවන්න වෙනවා, මහා මාර්ග , නව දුම්රිය මාර්ග,ජලය , විදුලිය.රෝහල් හා පාසල් වගේ යටිතල පහසුකම් ටික හදල දෙන එක රජයේ වගකීමක්. අලුත් ගම්මාන නිසා ඉක්මනට දියුණු වෙයි, සෞදි රජයෙන් 2004 සුනාමි ආධාර විදිහට හදල දුන්න ගෙවල් 500 ක් වව්නියාවේ නිකම් වහල දාලා, ඒවගේ මේ අසරණ මිනිස්සු පදිංචි කරවන්න. දැනට අවුරුදු 19 ක් තිස්සේ ඒ ගෙවල් නිකම් වහල දාල තියෙන්නෙ