IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්

(ෂේන් සෙනෙවිරත්න)

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සිදු කළේය.

විපතට පත් මියන්මාර වැසියන්ට සෙත් පතා මල්වතු අස්ගිරි මහා හිමිවරු අද (02) දළදා මාලිගාවේ ඉහළ මාලයේදී  සෙත් පිරිත් සජ්ඣායනයක්ද පැවැත්වූහ.

මෙම අවස්ථාවට වරකාගොඩ ශ්‍රී ඤාණරතන  අස්ගිරි  මහානාහිමි  , වේඩරුවේ උපාලි අස්ගිරි අනුනායක හිමි,  දිඹුල්කුඹුරේ විමලධම්ම  සහ නියංගොඩ විජිතසිරි  මල්වතු අනූනායක හිමිවරු,ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියහ.

එමෙන්ම දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා මියන්මාරයේ ශ්‍රී ලංකාවේ තානාපතිනි මලර් තැන් හාටෙයික් මැතිණියද  මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

.  

 

 

 



අදහස් (8)

දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්

Nandalal de Silva - France Wednesday, 02 April 2025 10:59 PM

ශ්‍රී ලංකාව වැනි උතුම්, පින්බර බෞද්ධ රටක්, තවත් එවැනිම බෞද්ධ රටක ඇතිවුණු මෙවැනි විශාල ව්‍යසනයකදී, අපෙ උතුම්, පින්බර දළදා සමිඳුන්ගෙ නාමයෙන් කරන ලද මෙම උතුම් පුණ්‍ය කර්මය, බැතිබර සිතින් අගය කල යුතු වෙනවා. එයට දායක, කාරක වූ මල්වතු, අස්ගිරි මහ නාහිමි වරුන් ප්‍රධාන අනෙකුත් සියලුම දෙනාට, මියන්මාරයේ මෙම අනතුරින් දිවිගලවා ගත් සියළු දෙනාම අනේක වාරයක් පින් අනුමෝදන් කරනු ඇත. කෙසේවෙතත්, යුද හමුදා ජුන්ටාවක් යටතෙ පාලනය වන එරටේ අන්ත අසරණ, දුගී ජනතාවට, ලොව නන්දෙසින් ලැබුන මෙම අතිවිශාල ආධාර නිසි ලෙස ලැබුණාද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.... අ පේ රටට ලැබුන සුනාමි ආධාර හෙල්පින් හම්බන්තොට ආදී පෙට්ටගම් වලට ගිය හැටි කාටද අමතක වුනෙ ???

:       1       4

M.r withanachchi Wednesday, 02 April 2025 11:30 PM

මෙච්චර මුදලක් දුන්නා කියලා ඇහුවම බඩ පැලෙන්න හිනා යනවා!

:       3       2

Pradeep KumaraThursday, 03 April 2025 08:57 PM

Mr. Withanachchi උන් වහන්සේලා කර ඇත්තේ උන් වහන්සේලාට හැකි දෙයයි. එය හෑල්ලුවට ලක් කරන ඔබ ඒ වෙනුවෙන් මොනවද කලේ? අඩුම තරමින් රුපියල් 100ක් වත් පරිත්‍යාග කලාද?

:       0       0

රුවන් Thursday, 03 April 2025 06:08 AM

මියන්මාරයේ හමුදා ජුන්ටාවේ දූෂිත පාලනය හින්දා 100% විශ්වාස කරන්න පුළුවන් ඔය සල්ලි වලින් ඒ අය සුර සැප ගනියි. ජනතාව වලපල්ලට යයි. මගේ මියන්මාර ෆෙස්බුක් මිතුරෙකගේ පවුලම මැරුවා හමුදා ජුන්ටාව. එහෙම අය මේ අපදාවට ජනතාවට උදව් කරයි ද?

:       0       0

ගුණරත්න Thursday, 03 April 2025 06:55 AM

මේවා හරි නම් ආණ්ඩුව කරන්න ඕන දේවල්.

:       7       0

Pradeep KumaraThursday, 03 April 2025 09:00 PM

Gunarathna: හැම දේම ආණ්ඩුවලින් කරන කල් බලං ඉන්න එපා. ආර්ථිකමය වශයෙන් අපේ රටත් තවම ස්ථාවර නෑ. ඔයාටත් පුළුවන් ඔය අරමුදලට යම් දායකත්වයක් ලබා දෙන්න

:       1       0

Siri Thursday, 03 April 2025 02:34 PM

දළඳා මාලිගාව මොනවටද ඔච්චර සල්ලි කන්දරාවක් එකතු කරන්නේ ? "සියල්ල අත්හරින්න" කියා දෙසා වදාළ වදන් පිටවුන තැනක තිබු ධාතුන් වහන්සේ නමක් නේද ඔතන වැඩසිටින්නේ ?

:       0       0

prasanna Friday, 04 April 2025 12:12 PM

ආණ්ඩුවට ස්ථාවර නැතිනම් ලහි ලහියේ වාහන ගෙන්නේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13768 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site