IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


දහම් පාසල් විෂය මාලාවත් අලුත් කරයි

(සුජිත් හේවාජුලිගේ)

දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම කටයුතු කෙරෙන්නේ යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීවය.

දහම් පාසල් ආශ්‍රිත ගැටලු හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමෙ කටයුතු ආරම්භ කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.



අදහස් (10)

දහම් පාසල් විෂය මාලාවත් අලුත් කරයි

ඩී.එන්.සමරතුංග Friday, 01 August 2025 09:45 AM

දහම් පාසල් අවසාන විභාගය පාසලේ 10 ශ්‍රේණියට ගෙනාවොත් සියලුම දරුවන් විභාගයට සාර්ථකව මුහුණ දෙයි නේද?

:       0       3

D.M.N.G.දිසානායක . Friday, 01 August 2025 10:43 AM

*විධිමත් පත්වීමක් ලද ගුරුවරු දහම් පාසලට අවශ්‍යයි. * පොත පුරවන දහම් පාසලක් දරුවන්ට අවශ්‍ය නැත.

:       1       7

ලක්සිරි ඩයස් වීරසිංහ Saturday, 02 August 2025 11:33 AM

මතෙක් කාලයක් (දැනටත්) දහම් අධ්‍යාපනය ලබා දෙන්නේ ගමේ ගොඩේ තරුණ තරුණියන් ඔවුන්ගේ කරමතින් රැගෙන ආ දහම් පාසල මේ දක්වා ගොඩ නැගුණු අතර විධිමත් කිරීමේදී උක්ත ගුරුවරුන් පසෙකලා උපාධිධාරින් ගෙනැත් දැමීමෙන් දහම් පාසල වෙනුවෙන් දර දිය ඇද්ද ගුරුවරුන්ට හානියක් නොවන සේ විධිමත්ව බෝසත් දරුවන් සමාජගත කිරීමට හැකිවන සේ මෙය වෙනස්විය යුතුයි. ඉරිදා අතිරේක පන්ති, ඔන් ලයින්, නතරකළ යුතුයි. අප දන්නා පරිදි ඉරිදා අතිරේක පන්ති උදේ වරුවේ නවත්වා ගුරුවරු ඔන්ලයින් පන්ති පවත්වයි. මේ හේතුවෙන් දරුවන් දහම් පාසල් නොපැමිනේ...

:       0       2

දිප්ති කුමාරි දෙහිවලගේ Sunday, 03 August 2025 09:09 AM

මගේ අදහස නම් දහම් පාසල් වල සිටින උපාධිධාරි ගුරුවරුන්ව පාසල්වලට බුද්ධ ධර්මය ඉගැන්වීමට අනුයුක්ත කර එතැනින් ඉරිදා දින දහම් පාසලෙත් ඉගැන්වීම් කටයුතු කිරීමට සැලැස්වීම කළයුතුයි. මොකද දහම්පාසල් ගුරුවරයාටද වටිනාකමක් ලබාදිය යුතුයි...

:       0       2

Chandima Deshani samarasingha. Sunday, 03 August 2025 05:07 PM

ඇත්තටම දරුවන් වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ දරුවන්ගේ හැදියාව, විනයගරුක බව පුරුදු කිරීම. ඒ තැන තමයි දහම් පාසල. රාජ්‍ය අනුග්‍රහය ඇතිව දහම් පාසල දරුවන්ට අනිවාර්ය කරන්න. වෙෙද්‍යවරයෙක් වුවද මනුස්සකම නැතිව වැඩක් නැත...

:       0       2

AJITH KUMARA EDIRISINGHE ARACHCHILAGE Sunday, 03 August 2025 06:35 PM

රජයට පවරාගෙන සුදුසුකම්ලත් ගුරුවරු තෝරාගෙන නිසි පුහුණුවක් දී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළයුතුයි.

:       0       2

චන්දිමා සදමාලී Monday, 04 August 2025 07:48 PM

බුද්ධර්ම ඩිප්ලෝමා ආදී විධිමත් අධ්‍යාපනයක් හදාරා ඇති දහම් ගුරු භවතුන් වෙනුවෙන් නිසි ඇගැයීමක් ලබා දී ඔවුන්ගේ උපරීම සේවය දහම් පාසල් අධ්‍යාපනය වෙත ලබාගෙන ගුණාත්මක දරු පිරිසක් සමාජ ගත කිරීම සුදුසුය යන්න මගේ අදහසයි..

:       0       1

Chaminda kumara Rathnayake Weerakoonge Monday, 04 August 2025 09:18 PM

බහුතරය සුදුසුකම් නැති ගුරුවරු. පොත බලන් ළමයාට කියවන්න දීලා ඒක අහගෙන ඒකම කියාදෙන එක ගොඩාක් දෙනා කරන්නේ. ඉතින් විධිමත් කරලා සුදුසුකම් හිත ගුරුවරු විදුහල්පතිලා පත් කරන්න ඕනෑ. සමහර ගුරුවරු ප්‍රධානාචාර්යවරු කිසිම දහම් දැනුමක් නෑ... ඔහේ ඇදිලා යනවා විතරයි...

:       0       1

ආනන්ද සිල්වා Tuesday, 05 August 2025 01:06 PM

ලංකාවේ සියළුම දහම් පාසැල් දරුවන්ගේ පැමිණිමේ විශාල අඩුවක් දක්නට ලැබේ. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ඉරිදා උදේ වරුව උපකාරක පන්ති පැවැත්වීමයි. දරුවන් සහ දෙමව්පියන් පවතින තරඟකාරි බව නිසාත් දහම් පාසැල් අධ්‍යාපනය පිළිබඳ නිසි අවබෝධයක් නැති නිසාත් දහම් පාසැල් සහතික පිළිබඳව නිසි වටිනාකමක් නොමැති කමත් ය. පිළියම් වශයෙන් අනිවාර්යෙන්ම ඉරිදා උදේ පවත්වන අමතර පන්ති නැවැත්විය යුතුයි. දහම් පාසැල් සහතික වලට නිසි වටිනාකමක් ලබාදිය යුතුයි. දහම් පාසල් ගුරුවරුන් හට නිසි පුහුණුවක් ලබාදිය යුතුයි. එම ගුරුවරුන් විශේෂ ඇගයීමකට පාත්‍රවිය යුතුයි.

:       0       1

Premadasa Vidana Thursday, 07 August 2025 06:46 AM

දහම් පාසල් අවසාන් සහතික් පත්‍ර විභාගය,ධර්මාචාර විභාගය,දහම් සරසවිය ආදි විභාග සමත් සුදුසුකම් ඇති අය ගූරුවරුන් ලෙස පත් කිරිම සුදුසුයි.ඒ වගේම ගිහි ප්‍රධානාචාර්‍ය් වරයාද සුදුසු කම් සපුරා ඇති අයකු විය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site