
(නිමල කොඩිතුවක්කු)
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ඒ අනුව , ගාල්ල, කලුතර, නුවර සහහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම අවධානම් නිවේදන නිකුත් කර ඇත.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල ජනතාව සඳහා හෙට(29) පෙරවරු 10.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd